පසුගිය 28වනදා මහනුවර, පේරාදෙණිය මංසන්ධිය අසලින් ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ 'ජන සටන' පාද යාත්‍රාව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ස...
පසුගිය 28වනදා මහනුවර, පේරාදෙණිය මංසන්ධිය අසලින් ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂයේ 'ජන සටන' පාද යාත්‍රාව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් විවිධ අදහස් පළ කළේය.
සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ," මේක පා ගමනක් කියලා කිව්වට මේක රථ ගමනක්. හිටපු ගරු ජනාධිපතිතුමා යන්නේ ලෑන්ඩ් කූෂර් වල. අපි දැක්කා පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය යන්නේ ජීප් වල. මම ඉල්ලීමක් කරනවා මාල, කරාබු ඒවගේම රත්තරන් ආභරණ පැළඳගත්ත අම්මලා, අක්කලා, නංගිලා පාරට එන්න එපා" යනුවෙන් කියාසිටියේය.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, "ජනතාවකට වැරැද්දක් කරනවා නම් ඒ ජනතාවට වෙලාවක් එනවා තීන්දුවක් දෙන්න. තරහට ආණ්ඩු පෙරලන්න බැහැ" යනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, "දස දහස් සංඛ්‍යාත ජන සංඛ්‍යවක් අද පාද යාත්‍රාවට ඒකරාශී වෙලා ඉන්නවා. උසාවි ගානේ ගිහිල්ලා පොලීසිය එක එක නියෝග ඉල්ලුවට අපි අනිවාර්යෙන්ම අපේ ගමන යනවා" ලෙසයි.
වීඩියෝව පහතින්.
COMMENTS