හදුනා නොගත් මළ සිරුරක කොටසක් පුත්තලම, මාම්පූරිය වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව කල්පිටිය පොලීසිය සඳහන් කරයි. ඊයේ (29) සවස 5.00 ට පමණ...
හදුනා නොගත් මළ සිරුරක කොටසක් පුත්තලම, මාම්පූරිය වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව කල්පිටිය පොලීසිය සඳහන් කරයි.
ඊයේ (29) සවස 5.00 ට පමණ මෙම මළ සිරුර වෙරළට ගොඩ ගසා තිබිය දී ඒ බව දැක ඇති ධීවරයෙකු විසින් පොලීසියට දැනුම් දී ඇත.
මළ සිරුරේ අත් සහ පා නොතිබී ඇති අතර මිය ගොස් ඇත්තේ පිරිමි අයෙකු ද කාන්තාවක්ද යන්න හදුනා ගත නොහැකි බව පොලීසිය ප්‍රකාශ කරයි.
මේ වනවිට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදුනා ගැනීම සදහා පුත්තලම මූලික රෝහලට ගෙනවිත් තිබේ.
කල්පිටිය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරයි.
පුත්තලම - ජුඩ් සමන්ත
COMMENTS