අද දිනයේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වනු ඇති බව පවසමින් ඒවාට නොයන ලෙස තම පියා තමනට අවවාද කළ බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. දැනට ...
දැනට සති තුනක් පුරා තම පියා කොළඹ රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බවත්
එසේ සිටින ඔහු පවා මෙම තොරතුරු ලබා ගත්තේ කෙසේදැයි සිතා ගත නොහැකි බවත් ඇමතිවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් කරුණු ගැන සැලකීමේදී ඇතැම් අංශ විසින් දරුණු ලෙස තම වගකීම් පැහැර හැරීමක් සිදු කර ඇති බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේය.
මෙවන් තත්වයක් ගැන වේලාසක දැනුවත් කර තිබියදී කෙසේ මෙවැන්නක් වූයේ දැයි වහා විමසිය යුතුව ඇතැයි ද ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.
COMMENTS