මාළඹේ - ඉසුරුපුර ප්‍රදේශයේදී තම බිරිඳට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ත...
මාළඹේ - ඉසුරුපුර ප්‍රදේශයේදී තම බිරිඳට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
ඒ අද (31) පෙරවරුවේ ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
අදාළ කාන්තාව පසුගිය 27වනදා රාත්‍රියේ මාළඹේ, ඉසුරුපුර ප්‍රදේශයේ තම නිවසේ දරුවන් දෙදෙනා සමඟ සිටියදී සැකකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
COMMENTS