යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අද (31) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියාය. දෙහිවල පිහිටි ඇගේ නිවස ස...
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අද (31) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියාය.
දෙහිවල පිහිටි ඇගේ නිවස සහ ඉඩම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැමිණ තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හමුවේ පෙනී සිටීම මග හැරීම නිසා අද දිනයේ මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 26 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට දැනුම්දුන්නේය.
COMMENTS