එෆ්.බී. අයි. සහ එම්.අයි. 5 වැනි බටහිර විමර්ශන අංශ මෙරටට අනවශ්‍ය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ ඒවා මෙරටට වැද්දවා ගෙන ශ්‍රී ලං...
ඊයේ (25දා) පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ පැවැසීය.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
“මහා ඛේදවාචකය නිර්මාණය කොට එදා 21දා රෑ ජාතිය අමතමින් අගමැති රනිල් කියනවා තමන් මේ ත්‍රස්තවාදය නිමා කරන්න ජාත්‍යන්තර සහාය ගන්නවා කියලා.
ඊට පස්සේ 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ඔහු කියනවා මේක ගෝලීය ත්‍රස්තවාදයක් කියලා. අගමැතිතුමා ජාත්‍යන්තර සහය ඉල්ලන කොටම ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයගෙ පඬුපුල් ආසනය උණුවෙනවා මේ ඛේදවාචකය ගැන. දෙහිවල බෝම්බ පිපිරෙද්දී ඔහොම උණු වුණේ නෑ. ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ පඬුපුල් ආසන බෙදුම්වාදී ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට බෝම්බ ගහපු වෙලාවේදීත් එහෙම වුණේ නෑ. ගම්පිටින් මිනිස්සු මරද්දී උණු නොවුණු පඬුපුල් ආසන අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් පස්සෙ උණු වෙනවා. උණු වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා අපිත් සහයෝගය දෙන්න ලෑස්තියි කියලා. තෙරේසා මේ කියනවා සහයෝගය දෙනවා කියලා.
මේක ගෝලීය තත්ත්වයන් ලෙස ආර්ථකථනය කරන්නෙම ගෝලීය සහායක් ගැනීමේ අපේක්ෂාවෙන්.
2015 ජනවාරි 8 මේ යහපාලකයො බලයට පත්වුණාට පසුව 2015 මැයි 9 වෙසක් පෝයදා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජෝන් කෙරී මහත්මයා එනවා සුබ පතන්න. ඒ වෙන මොකකටවත් නෙමෙයි භාර දුන් වගකීම ඉටු කිරීමට ස්තුති කරන්න.
ඒ ජෝන් කෙරීලගෙ සුබ පැතුම් මැද තමයි මේ ගමන යන්නෙ. ඒ අයට ඕන විදියට තමයි බුද්ධි අංශ විනාශ කරන්නේ. දැන් ඉස්ලාම් අන්තවාදය නිර්මාණය වී අවසන්.
ලොව අංක එකේ බිහිසුණුම ත්‍රස්තවාදය තමයි එල්ටීටීඊ ත්‍රස්තවාදීන්. අයි.එස්.අයි.එස්. එකට මරාගෙන මැරෙන කොටි හඳුන්වා දුන්නෙ මේ එල්ටීටීඊය. පොට්ටු අම්මාන්ලගෙ මේ බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කරන්න අපට එෆ්.බී.අයි. එක ඕන වුණේ නෑ. එම්.අයි. 5 ආවෙ නෑ. එදා එෆ්.බී.අයිලා, එම්.අයි. 5ලා ආවෙ කොටිත් එක්ක.
මේ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණේ මේ රටේ සුජාත දූපුතුන්ගේ හැදුණු මෙරට වීරෝදාර හමුදාවන් සහ ඒවායේ බුද්ධි අංශ නිසයි.
මේ ඉස්ලාම් අන්තවාදය මේ පොළොවෙන් පලවා හරින්න මෙරට බුද්ධි අංශ ඇතුළු ශ්‍රී ලංකාවේ හමුදාවන්ට, පොලිස් දෙපාර්තමේන්තුවට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හැකියි.
ජනාධිපතිතුමන්ගෙන් අපි කියනවා දැන් කරන්න ඕන එෆ්.බී.අයි. එක හෝ එම්.අයි. 5 වද්දගන්න එක නෙවන බව.
හර්ෂනී අර්සකුලරත්න
මව්බිම
COMMENTS