වික්ටෝරියානු වෙරළ තීරයේ වෙසෙන ඉතා කුඩා කරදිය ජීවීන් විශේෂයක් විසින් ඔහුගේ පාද සපා කා ඇති බව රෝහලේදී අනාවරණය විය. 16 හැවිරිදි සෑම් කය...
වික්ටෝරියානු වෙරළ තීරයේ වෙසෙන ඉතා කුඩා කරදිය ජීවීන් විශේෂයක් විසින් ඔහුගේ පාද සපා කා ඇති බව රෝහලේදී අනාවරණය විය.
16 හැවිරිදි සෑම් කයින්සේ හට වෙරළේ පාපන්දු ක්‍රීඩා කිරීම නිසා දෙපාවල වේදනාවක් දැනිණි. එනිසා බ්‍රයිටන් හි ඩෙන්ඩි ස්ට්‍රීට් වෙරළ තීරයේ ජල තලයේ පාද යන්තම් ගිල්වාගෙන ඉන්නට ඔහු කල්පනා කළේය. ඉන්පසුව පැය භාගයකට පසුව ඔහු සිය පවුලේ අය වෙත ආවේ මෙසේ කියමිනි. “පුංචි සත්තු ජාතියක් මගෙ කකුල හපා කෑවා..”
ඔහුගේ දෙපාවලින් අසාමාන්‍ය ලෙස ලේ ගලමින් තිබිණි.
නිව් සවුත් වේල්ස් සරසවියේ සාගරික අපෘෂ්ටවංශීන් පිළිබඳ විශේෂඥ ඇලිස්ටෙයාර් පුවර් මෙසේ කියයි. “මම මේ වගේ දෙයක් මීට කලින් දැකල නෑ..”
බොහෝ විට මේ ජීවියා සාගරික අපෘෂ්ටවංශියෙක් එනම් කොඳු ඇට පෙළ රහිත ජීවියෙක් විය හැකි බවත්, බොහෝ දුරට එම ජීවියා සාගර උකුණෙක් (sea lice) විය හැකි බවත් ඔහු පවසයි.
සාමාන්‍යයෙන් මෙවැනි මුහුදු තීරවල දිය නාන අයට හෝ දෙපා ජලයේ දෝවනය කරන අයට ජෙලි ෆිෂ් හෙවත් ජල්ලි මත්ස්‍යයන්ගේ පාදිකා ගෑවීම නිසා ද මෙවැනි තත්වයක් ඇතිවිය හැකිය. නමුත් මේ තරුණයා මුහුණ දුන් ලේ ගැලීමේ තීව්‍රතාවය දෙස බලන විට මෙය කිසිසේත්ම ජල්ලියෙකුගේ ප්‍රහාරයක් විය නොහැකි බවත් ඔහු තරයේ කියා සිටියි.
තරුණයාගේ පියා ඔහුව වහාම රෝහල් ගත කළ අතර” රෝහලේදී ලේ පිස දැමූ විටත් නොකඩවා ලේ ගලන්නට පටන් ගත්තේය. “රෝහලේ බිම ලේ විලක් ඇතිවුණා.. මේකට හේතුව කිසි කෙනෙක් දන්නේ නැහැ. විෂ විශේෂඥයන්ටත් සාගරික විශේෂඥයන්ටත් මෙල්බන් හි වෛද්‍ය විශේෂඥයන් රාශියක්ටත් ඔවුන් කතා කළා. ඒත් ඒ කිසි කෙනෙක් ළඟ උත්තරයක් තිබුණේ නැහැ..” යැයි ද ඔහු තවදුරටත් පවසයි.
මේ තරුණයාගේ සිද්ධිය සැළවීමෙන් අනතුරුව ඊළඟ දිනයේ එක් පර්යේෂකයෙක්, මස් පිරවූ දැළක් ද ගෙන වෙරළ තීරයට ගොස් එය ජලයට දැමීය. එවිට ඉක්මනින්ම පෙනී ගියේ එම දැළ වටා ප්‍රදේශය ලේ විලක් වන බවයි. එම ඇසට නොපෙනෙන තරම් කුඩා අබිහරස් ජීවීන් පිරිස ‘මස් කන’ ජීවීන් බවට සැක හැර දැනගත්තේ ඒ අනුව ය.
-අමාලි ජයවීර
COMMENTS