රගර් ක්‍රීඩක තාජුඩීන්, මාධ්‍යවේදී එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතකයන් ඇල්ලීම සම්න්ධයෙන් පසුගිය වසර 3 පුරා මේ ආණ්ඩුව කළේ කුමක්ද?...
රගර් ක්‍රීඩක තාජුඩීන්, මාධ්‍යවේදී එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතකයන් ඇල්ලීම සම්න්ධයෙන් පසුගිය වසර 3 පුරා මේ ආණ්ඩුව කළේ කුමක්ද? බිලියන ගණනක් වන EPF වංචාව ගැන මේ ආණ්ඩුව කළේ කුමක්ද? මේවායේ විමර්ශන ගැන මේ අය කෑ ගහන්නේ නැත්තේ ඇයි? එහෙම කරන්නට ඔවුන්ට බැරි නිසා ය.
යාපා සහ සුමතිපාල ජෝඩුවම ඒ ආණ්ඩුවේ අවුරුදු 11 ක් තිස්සේ කොටස්කරුවන් බවට පත්වී සිටි නිසා ය. තම ව්‍යාපාර කටයුතුවලදී මෝඩ අන්දමින් හැසිරීම හැරුණු විට රවී කරුණානායක කිසිවෙක් ඝාතනය කර නැත. රවී වසර ගණනක් තිස්සේ ව්‍යාපාර කරන්නෙකි. මේ නිසා යාපා සහ සුමතිපාල වැනි අය ගැන ආණ්ඩුව සෝදිසියෙන් සිටිය යුතුය. සිරිසේනට එරෙහිව රාජපක්ෂගේ පැත්තට රැල්ල ගහන යම් දවසක් උදා වුණොත් රාජපක්ෂ ළඟට මුලින්ම දුවන්නේ මේ දෙදෙනා ය. හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා රාජපක්ෂගේ පැත්තට පිල මාරු කරන විට ලක්ෂ්මන් යාපා ඔහුව බදාගෙන සිටින හැටි දැක්වෙන සාක්ෂි රාශියක් විද්‍යුත් මාධ්‍යය සතුව තිබේ. අනාගතයේදීත් ඔහු මේ දේම නැවත කරනු නිසැක ය.
COMMENTS