බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සිය කාර්යාලයේ බඩු මුට්ටු අස්කරමින් සිටින බව ශ්‍රී ලංකා මිර...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සිය කාර්යාලයේ බඩු මුට්ටු අස්කරමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ මහතා හෙට (10) දිනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දවැඩිදුරටත් වාර්තා වේ.
පුරප්පාඩුවන විදේශ කටයුතු අමාත්‍ය ධූරය ආචාර්ය සරත් අමුණුගම මහතාට හිමිවන බවට මීට පෙර වාර්තා පැතිරුණද සම්මුතිවාදී ආණ්ඩුව යටතේ විදේශ කටයුතු අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු බැවින් එය තිලක් මාරපන මහතාට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද, කරුණානායක මහතා රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට විශාල වශයෙන් දායක වූ අයෙක් සේ සැලැකේ.
COMMENTS