පහේ ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල ව...
පහේ ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
5 වසර ශිෂ්‍යත්වය සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින්.
මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන් පිරිසකගෙන් සමන්විතයි.
ශිෂ්‍යත්ව විභාගය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ අරමුණින් සහ පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉඩකඩ සලසමින් ආරම්භ වූ අයුරුත්, වර්තමානයේ දී එම අරමුණු සියල්ල බැහැර කරමින් ජනප්‍රියතම ජාතික පාසල් 120 කට ආසන්න ප්‍රමාණයකට ලක්ෂ 3 කට අධික දරුවන් පිරිසක් ඇතුළත් කිරීමේ බරපතල හිංසාකාරී විභාගයක් බවට පත්ව ඇති ආකාරයත් එම කමිටුවේ අවධානයට ලක්ව තිබිණි.
මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වන බවත්, සමබර පෞර්ෂයකින් හෙබි පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී ඔවුන්ගේ සමාජානුයෝජන කාර්යයට මෙම තරගකාරි විභාග මානසිකත්වය අහිතකර ලෙස බලපා ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.
ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න වන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක් වැය වන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව ද අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය තුළ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිත අතර විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අදාලව එක් තීරණයක් ලෙස සියලුම සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරිමට තීරණය වී තිබේ.
COMMENTS