දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෝෂාභියෝගයක් : ජනපතිට එරෙහි එජාප චෝදනාවලට පිළිතුරු අද !
Homeප්‍රවෘත්ති

දෝෂාභියෝගයක් : ජනපතිට එරෙහි එජාප චෝදනාවලට පිළිතුරු අද !

PropellerAds

පො ලිසිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව ඊයේ (22) මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික...

ජෙරම් ප‍්‍රනාන්දුට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයක්.. නායකයෙක් පෙරොන්දු වෙලා!
බාලවයස්කාර දරු දැරියන්ව රැසක් ලිංගික අතවර චෝදනා සහිත සූරියවැව චීවරධාරියෙක් සාමනේර හිමි නමකට කළ බරපතල ලිංගික හිංසනයක් නිසා වෙච්ච දේ!
කෝටිපති ව්‍යාපාරිකා සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදරින් නැතිවූ මුද්ද මහා අවුලක් වෙයි! අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට ‌පොලිසිය ඇතුළෙදි හොඳටම ගහලා!
පොලිසිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව ඊයේ (22) මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්‍ෂය විසින් එල්ල කළ චෝදනාවලට අද (23) නිසි පිළිතුරු ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇමැතිවරු කිහිපදෙනකු විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතා වෙත ලබා නොදී ජනාධිපතිවරයා සතුව තබාගත් බවද පසුගියදා සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලබා දිය යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

සිදුවූ බෝම්බ පිපිරීම් සහ ඒ පිළිබඳ ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය පෞද්ගලිකව මහ ලේකම් වරයා ලෙස තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසන දයාසිරි ජයසේකර මහතා, අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කරයි.

අගමැතිගේ චෝදනාව 

ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා චෝදනා කර සිටියේය.

මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳුදා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

''ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ." යයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය.

එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය පවසයි.

ජනාධිපති නිහඬයි :

පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඉරිදා රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම  චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

බුද්ධි අංශ විසින් ඉහත කී ආකාරයේ අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබියදීත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගෙන ඇති බව පවසමින් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් කෝපය පළ වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෝෂාභියෝගයක් : ජනපතිට එරෙහි එජාප චෝදනාවලට පිළිතුරු අද !
දෝෂාභියෝගයක් : ජනපතිට එරෙහි එජාප චෝදනාවලට පිළිතුරු අද !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOdnyjwzm8XRxkeooxWXQebHQajszAz7r-U1Jz9hJqHGwbOF5I6VFogiUfdtIGNERFl0lRSC0dL8lKnDKCIuPkMzJ80kdnd2BKOCGwGw7aL5ggdPFwDAPoGVos8KrkV004vnwpgm6BgC7h/s320/854ca15712ff2b36a97a32ea0dcb8c8b_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOdnyjwzm8XRxkeooxWXQebHQajszAz7r-U1Jz9hJqHGwbOF5I6VFogiUfdtIGNERFl0lRSC0dL8lKnDKCIuPkMzJ80kdnd2BKOCGwGw7aL5ggdPFwDAPoGVos8KrkV004vnwpgm6BgC7h/s72-c/854ca15712ff2b36a97a32ea0dcb8c8b_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_787.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_787.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy