අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. මාර්තු මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර ම...
අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මාර්තු මස 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මේ වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
දින 06ක් පුරා පැවති දෙවන වර කියවීමේ විවාදයෙන් පසු පසුගිය 12වනදා දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 119ක් සහ විරුද්ධව ඡන්ද 76ක් හිමිවූණි.
අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේ වැය ශිර්ෂ කිහිපයක් පරාජයට පත් වු අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වු පරිපූරක ඇස්තමේන්තුව සම්පමත කර ගැනීමට අද නියමිතයි.
මේ අතර අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ සමඟ දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබා දීමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කර තිබේ.
එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්‍ත්‍රි කණ්ඩායම රැස් වී ඒ පිළබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් සුබවාදී තීරණයක් අපේක්ෂාවෙන් පසුවන බවයි.
COMMENTS