දැනට රජය විසින් පනවා ඇති සංචාරණ සීමා කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන ලෙස විශේෂඥ වෛද්‍ය සංගමය ඉල්ලා ...
දැනට රජය විසින් පනවා ඇති සංචාරණ සීමා කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන ලෙස විශේෂඥ වෛද්‍ය සංගමය ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් රටක් වශයෙන් ආර්ථිකයට බලපෑම එල්ල වුවද ජනතාවගේ ජීවිතවලට සිදුවන හිතකර බලපෑම ඉන් අවතක්සේරු කළ නොහැකි බවයි.
එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් සිදු කරන ලද ඉල්ලීම අනුව ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් රට පුරා සංචරණ සීමා පැනවීම ඉතා ඉහළින් අගය කරන බවද එම නිවේදනයේ දැක්වේ.
යම් ලෙසකින් එසේ සංචරණ සීමා පැන වූයේ නැත්නම් ආසාදිතයන් ගෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීස් සෞඛ්‍ය අංශයේ අඩපණ වීම හේතුවෙන් කොරෝනා රෝගීන් බොහෝ පිරිසක් මිය යා හැකිව තිබූ බවද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
COMMENTS