ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් පසුගිය දා නිකුත් කරන ලද රහස්‍ය වාර්තාව සම්බන්ධ...
ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් පසුගිය දා නිකුත් කරන ලද රහස්‍ය වාර්තාව සම්බන්ධයෙන් නිසි පියවරක් නොගැනීම පිළිබඳව පොලිස්පතිවරයා වෙත චෝදනා එල්ලවී ඇත.
බුද්ධි සේවය අදාල වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් පසු ඔහු විසින් ඒ පිළිබඳව සොයා බල කටයුතු කරන ලෙස බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කර නොමැති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් බුද්ධි අංශ විසින් අප්‍රේල් 11 වෙනිදා නිකුත් කරන ලදැයි සඳහන් ලිපියක ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අදාළ "ලිපියෙහි සත්‍ය අසත්‍යතාව" පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බවය.
බුද්ධි අංශ විසින් නිකුත් කරන ලදැයි සඳහන් ලිපිය
නොසැලකිල්ල බරපතල කාරණයක් - අගමැති කියයි
මේ අතර ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බවයි.
"මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලිය යුතුයි. මා ඇතුළු ඇමතිවරු දැනුවත් වී නොතිබීමත් ඊට අදාළ කාරණයක්.''
'ශ්‍රී ලංකා මිරර්' වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදී තිබු අනතුරු ඇඟවීමට අදාල ලිපි පොලිසියේ ප්‍රභූ ආරක්ෂක අංශ වෙත ලබාදී තිබුන ද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් නිසි අවධානයක් යොමුකර නොමැත.
මැති ඇමතින්ට තොරතුරු ලැබිලා !
එවැනි දැනුම් දීමක් සිදුකර තිබු බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (21) මාධ්‍යයට කල ප්‍රකාශයෙන් මෙන්ම ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයින් ඊයේ දිනයේ පල්ලිවලට නොගොස් තිබීමෙන් ද තහවුරු වේ.
පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වනු ඇති බව පවසමින් පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් කරුණු ගැන සැලකීමේදී ඇතැම් අංශ විසින් දරුණු ලෙස තම වගකීම් පැහැර හැරීමක් සිදු කර ඇති බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේය.
මෙවන් තත්වයක් ගැන වේලාසක දැනුවත් කර තිබියදී කෙසේ මෙවැන්නක් වූයේ දැයි වහා විමසිය යුතුව ඇතැයි ද ඇමතිවරයා තව දුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කලේ මෙම අනතුරු ඇඟවීම කොළඹ අදරදගුරු මන්දිරය වෙත දැනුම් දී තිබුනේ නම් මෙවැනි විනාශයක් වලක්වා ගැනීමට තිබු බවයි.

COMMENTS