ඉ ස්ලාම් ත්‍රස්තවාදය විනාශ කිරීමට නම් සියලු අන්තවාදයට තිත තැබිය යුතු යැයි නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ප්‍රකාශ කළේය. ...
ඉස්ලාම් ත්‍රස්තවාදය විනාශ කිරීමට නම් සියලු අන්තවාදයට තිත තැබිය යුතු යැයි නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ප්‍රකාශ කළේය.
ඔහු එසේ පැවසුවේ ඊයේ (24දා) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්ය.
එහිදී ඩෑන් ප්‍රියසාද් මහතා මෙසේද කීය.
ජාතික ආරක්ෂාව ගැන සිතා බුර්කාව නමැති සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරන ඇඳුම තහනම් කිරීම පිළිබඳ මේ දිනවල කතා වෙනවා. එම කරුණ ජාතික සංවිධාන මඟින් වසර ගණනාවක සිට පෙන්වා දුන්නා. ඒත් එම පෙන්වා දුන් ජාතික සංවිධානවලට ජාතිවාදී ලේබල් අලවමින් එම කරුණු ප්‍රතික්ෂේප කළා. නමුත් දැන්වත් එවැනි අවශ්‍යතාවක් පිළිබඳ අදහස් මතුවීම ගැන අප සතුටු වෙනවා. ඒත් මෙය කඩිනමින් යථාර්ථයක් බවට පත්විය යුතු බව අප අවධාරණය කරනවා.
පසුගිය වසරේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර බුර්කාව පැලඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්න එපා කිව්වා. ඒ ඔවුන්ගේ අනන්‍යතාව හඳුනා ගන්න බැරි නිසා. ඒත් එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා මූලික වී එම ප්‍රාදේශීය ලේකම්තුමාට ස්ථාන මාරුවීමක් ලබාදුන්නා. ප්‍රාදේශීය ලේකම්තුමා 2018 මාර්තු මාසයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත යවා ඇති ලිපියකත් ඒ පිළිබඳ සඳහන් වෙනවා.
මේ වන විට රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට හෙල්මට් හෝ ජැකට් පැලඳීමට ඉඩ දෙන්නේ නැහැ. ඒත් තවත් පිරිසකට සම්පූර්ණයෙන්ම ශරීරය වසාගෙන බුර්කාව ඇඳගෙන එම ආයතනවලට යන්න පුළුවන්. ජාතික සමඟිය ඇතිවෙන්න නම් වෙනස්කොට නොසලකා බුර්කාව සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. බුර්කාව ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්.
හලාල් ප්‍රශ්නයක් මතු වුණත් ඒක නතර කරන්න පසුගිය ආණ්ඩුවට හෝ වත්මන් ආණ්ඩුවට වුවමනාවක් නැහැ. ඒවගෙන් අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීමක් පමණයි සිදුවෙන්නේ.
වයස 16ට අඩු දරුවන් විවාහ කරගන්න ඕන කියලා තවුහිත් ජමාත් සංවිධානය කොළඹ කොටුව ළඟ උද්ඝෝෂණ කළා. කාත්තන්කුඩියෙ සිට පවා ඊට සෙනඟ ගෙනත් තිබුණා. එකම රටක් කියන ගමන් ශිෂ්ට සම්පන්න ලෝකයේ නැති නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.
සැබෑ ත්‍රස්තවාදය නැති කරන්න නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කොට අන්තවාදයට වැඩෙන්න තිබෙන පරිසරය විනාශ කළ යුතුයි.
සිරගත කොට සිටි නිසයි ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙ ජීවිතේ බේරුණේ. නමුත් උන්වහන්සේ නිදහස් කිරීමට කාලය එළැඹිලා. මේ අන්තවාදය පිළිබඳ කරුණු උන්වහන්සේ වඩාත් හොඳින් දන්නවා. ත්‍රස්තවාදය විනාශ කිරීමට සැබෑ වුවමනාවක් තිබෙනව නම් උන්වහන්සේ නිදහස් කොට ආරක්ෂාව සැලසිය යුතුයි.
පූනානිවල ෂරියා විශ්වවිද්‍යාලයක් ඉදිවෙනවා. අන්තවාදී ඉගැන්වීම් සඳහා සහතික දෙන්නයි මේ කටයුතු කරන්නේ. මුස්ලිම් රටක් වන පාකිස්තානය පවා මද්රාසා පාසල් තහනම් කළා. ඒත් අපේ රටේ එහෙම නැහැ. දිනෙන් දින වැඩි වෙනවා.
වනාතවිල්ලුවෙ ආයුධ හමුවීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවෙන් නිදහස් කළ බව කබීර් හෂීම් ඇමැතිවරයා ප්‍රසිද්ධියේම කිව්වා. මේවාට සම්බන්ධ අය හෙළි කළ යුතුයි.
මේ ත්‍රස්තවාදයට නිදහසේ වැඩෙන්න ඉඩ දීපු නිසා ජාතික සංවිධානවල නායකයන්ට, භික්ෂුන් වහන්සේට ජීවිත තර්ජන එල්ල වෙනවා. ඊට ආණ්ඩුව ගන්නේ කුමන ක්‍රියාමාර්ගයක්ද?

COMMENTS