21 වනදා කොළඹදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් “ජාතික තව්හිද් ජමාත්” සංවිධානයට එල්ලවන චෝදනා හිටපු අමාත්‍ය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...
කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වනදා වන අතර, ඒ වන විටත් ‘ජාතික තව්හිද් ජමාත්‘ සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්වන බවට රාජ්‍ය බුද්ධි අංශය රජයේ බලධාරීන් හා ඉහලපෙළේ දේශපාලඥයන් වෙත දන්වා තිබූ බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මේ අතර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි බුද්ධි අංශ අනාවරණය කළ ජාතික තව්හිද් ජමාත් කල්ලියේ ප්‍රධානී මොහොමඩ් සහරාන් සමග හිටපු අමාත්‍ය හිස්බුල්ලා පෙනී සිටින ඡායාරූපයක්ද මේ වන විට සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතිනවා.
හිටපු අමාත්‍ය හිස්බුල්ලා මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදියා සමග
මේ අතර ඊයේ 22 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ පසුගිය දිනවල වනාතවිල්ලුවේදී හමුවූ අවි ගබඩාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රබල දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් නිදහස් කර යවා ඇති බවයි. එසේ නිදහස් කර යැවූ එක් සැකකරුවෙක් 21වනදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් එක ප්‍රහාරයකට සම්බන්ධ යැයි අනාවරණය වී තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේ ය.
COMMENTS