දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආන්දෝලනයකට ලක්වූ 'සයිටම්' ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි?
Homeප්‍රවෘත්ති

ආන්දෝලනයකට ලක්වූ 'සයිටම්' ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි?

PropellerAds

සයිටම් ආයතනයට එරෙහිව විශාල අරගලයක් දියත් කොට තිබෙන ශිෂ්‍ය සංගම් ඇතුළු බහුජන ව්‍යාපාරවලට එම වෙඩි තැබීමේ වගකීම පැවරීමට ආණ්ඩුව කටයුතු කරන බවත...

එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ - ගයන්ත
තාජුඩීන්ගේ වේගය ගැන මහින්ද කතා කරයි
විභාග ලියන්න ජීවම් කළ පෑන් දෙන දේශපාලඥයින්ට බිමල්ගෙන් චෝදනාවක්
ආන්දෝලනයකට ලක්වූ 'සයිටම්' ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි?

සයිටම් ආයතනයට එරෙහිව විශාල අරගලයක් දියත් කොට තිබෙන ශිෂ්‍ය සංගම් ඇතුළු බහුජන ව්‍යාපාරවලට එම වෙඩි තැබීමේ වගකීම පැවරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසයත් එවැනි එකක් බවත් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(08) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසී ය.

“සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයාට වෙඩි තැබීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු විවිධ ප‍්‍රකාශ කරමින් තිබෙනවා. රාජිත සේනාරත්න ඇමතිවරයා සහ මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප‍්‍රකාශවල තිබුණේ මේ තත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් එය වර්ධනය වුවහොත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දක්වා මෙම කි‍්‍රයාවන් ගමන් කළ හැකි බවත්ය. එම ප‍්‍රකාශවලින් කියවුණේ සයිටම් ආයතනයට එරෙහි කණ්ඩායම් වෙත මෙම වෙඩි තැබීමේ කි‍්‍රයාවේ වගකීම පවරන බවකුයි. 

ආණ්ඩුවේ රැකවරණය ලබන හස්තයක්

සයිටම් ආයතනයට එරෙහිව විශාල අරගලයක් දියත් කොට තිබෙන ශිෂ්‍ය සංගම් ඇතුළු බහුජන ව්‍යාපාරවලට එම වෙඩි තැබීමේ වගකීම පැවරීමට ආණ්ඩුව කටයුතු කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසයත් එවැනි එකක්. තමන්ට එරෙහිව කටයුතු කරන විවිධ කණ්ඩායම් වෙත මර්දනය දියත් කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අතීතයේදීත් මෙවැනිම කි‍්‍රයාවන් සිදුකර තිබෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි 1983 කළු ජූලිය. එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන්, පාතාල කණ්ඩායම් සමඟ ආණ්ඩුව කළු ජූලිය දියත් කළා. එම සිදුවීමට මුවාවී ජේ.ආර්. ජයවර්ධන දේශපාලන පක්‍ෂ තහනම් කිරීමට කටයුතු කළා. මෙම වෙඩි තැබීම මගින්ම ප‍්‍රකාශ වන්නේ එවැනි දෙයක්. එනිසා අපි ආණ්ඩුවට බල කරනවා මෙම සිදුවීම යට යන්න නොදී මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් සිදුකොට මෙයට සම්බන්ධ වූවන් හෙළිදරව් කළ යුතුයි කියලා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට හෙළිදරව් නොකරන තාක්කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වළක්වන්න බැහැ. මොකද, ආණ්ඩුවේ රැකවරණය ලබන හස්තයක් නොමැති නම් මෙය හෙළිදරව් කළ යුතුයි. අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, තාජුඞීන් ඝාතනය වැනි ක‍්‍රියාවල වගඋත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා. 

මෙම සයිටම් ආයතනය ඉතාම වංචනික ආයතනයක්. එහි ඉතිහාසය ගත්තාම ආයතනය පිහිටුවීම වෛද්‍ය පීඨය ආරම්භ කිරීම, රුසියාවේ විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ යැයි ප‍්‍රකාශ කිරීම යන සිදුවීම්වලදී ඉතාම තක්කඩි වංචාවලින් පිරිලා තිබෙනවා. තාජුඞීන් ඝාතනයට සම්බන්ධ ඇටකටු සයිටම් රෝහලේ තිබිලා හමුවුණා. ඒ තරම් තක්කඩි අමන කි‍්‍රයාවලට සම්බන්ධ ආයතනයක් තමයි සයිටම් කියන්නේ. එවැනි ඉතිහාසයක් තිබෙන ආයතනයක් විසින් මෙම වෙඩි තැබීමේ කි‍්‍රයාව නොකළා යැයි හිතන්නට පුළුවන්කමකුත් නැහැ. එම නිසා මෙම වෙඩි තැබීම වෙන දිසාවන්වලට යොමු නොකර ඒ සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතුයි. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු සයිටම් විරෝධය ප‍්‍රබල වී තිබෙනවා. එම ප‍්‍රබල විරෝධය වෙන අතකට යොමු කිරීමට සයිටම් ආයතනය මෙවැනි කි‍්‍රයා සිදුකරනවා කියලත් සැක කරන්න පුළුවන්කම තිබෙනවා. මෙම කි‍්‍රයාව සමීර සේනාරත්න හා සම්බන්ධ පෞද්ගලික දෙයක්ද නැතිනම් කුමන්ත‍්‍රණකරුවන් පිරිසක් විසින් කරන ලද්දක්ද නැත්නම් සයිටම් විරෝධය නිසා සිදුකළ දෙයක්ද යන්න නිශ්චිතව තහවුරු කරගත යුතු වෙනවා. අපි පාර්ලිමේන්තුවේදීත් අගමැතිවරයාට කිව්වා මේ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන්න කියලා. මෙවැනි විගඩම් නාටකවලින් සයිටම් ආයතනයට තිබෙන විරෝධය යටපත් කරන්න පුළුවන්කමක් නැහැ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව විශාල විරෝධතාවයක් දියත් කරමින් තිබෙනවා. එම අරගලයට අප පක්‍ෂයක් ලෙස අපගේ අවංක සහයෝගීත්වය පළ කරනවා. සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වෙනවා. අද අප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවත් සමග සාකච්ඡා කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණයේ සංකේතය බවට පත්වෙලා තිබෙන මෙම සයිටම් ආයතනය අහෝසි කරන තුරු මේ සටනට අපේ ප‍්‍රබල සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අප පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරනවා. අපේ රටේ අධ්‍යාපනයත්, වෛද්‍ය අධ්‍යාපනයත්, සෞඛ්‍යයටත් මේ ආණ්ඩුව සිදුකරන අහිතකර බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. මේ මාසය පුරා දැවැන්ත විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ දමන, නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට උත්සාහ කරන මෙම කළු ආයතනය අහෝසි කළ යුතුයි. 

මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා රටේ ජනාධිපතිවරයා, හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සයිටම් ආයතනයට ළමුන් ඇතුලත් කිරීමට විරෝධය පළකරමින් තමන් විසින් ලබාදුන් නිර්දේශ, තීරණ නැවත මතක් නොකර සිටීමේ අරමුණ මොකක්ද? ජනාධිපතිවරයා වහාම මෙම ශිෂ්‍ය මර්දනය පිළිබඳව, සයිටම් ආයතනය පිළිබඳව රටට ප‍්‍රකාශයක් කළ යුතුුයි. නිහඬ ගොළු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ, තමන්ගේ අතිජාත මිත‍්‍රයා ආරක්‍ෂා කරන්නද? ලොතරැුයි මිල වැඩිවූ අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ ප‍්‍රකාශයක් කළා. ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු නාවික හමුදාපතිවරු අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ වෙලාවේ ජනාධිපතිවරයා එයට මැදිහත් වී ප‍්‍රකාශයක් කළා. එෆ්.සී.අයි.ඞී. ආයතනයට හමුදා නිලධාරීන් කැඳවන විට ප‍්‍රකාශයක් කළා. එවැනි සියලූම සිදුවීම්වලදී අදහස් දක්වන ජනාධිපතිවරයා ඔහු හමුවීමට එන උද්ඝෝෂණවලට පහර දෙන්නේ තමන්ගේ අතිජාත මිත‍්‍රයා වන රාජිත සේනාරත්න ආරක්‍ෂා කිරීමටද? 

අගමැති හොරගල් අහුලනවා 

“අපේ රටේ අගමැතිවරයාත් සියලූම සිදුවීම්වලදී හොරගල් අහුලනවා වගේ මෙම ප‍්‍රශ්නයේදී තමන්ගේ සහචර කණ්ඩායම් කරළියට ගෙන එමින් ඉන්නවා. ඔහු නිශ්චිත අදහසක් රටට කියනවා වෙනුවට හොරගල් අහුලනවා. ගොළුවා කසාය බිව්වා වගේ ඉන්න ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතුව තිබෙනවා. වෛද්‍යවරයෙක් එම වෘත්තියේ ලියාපදිංචි කරන වෛද්‍ය සභාව මෙම සයිටම් ආයතනය ප‍්‍රතික්‍ෂේප කොට තිබෙනවා. දෙමාපිය සංගම්, වෘත්තීය සමිති, රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු මුළු ජනතාවක් සයිටම් ආයතනයට එරෙහිව කතා කරනවා. පසුගිය කාලය පුරාවටම මාධ්‍යවේදීන් මේ පිළිබඳව කොතරම් ප‍්‍රවෘත්ති වාර්තා කළාද?. මුළු සමාජයේම ආන්දෝලනයට ලක්වූ මෙම ආයතනය පිළිබඳව අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් මුනිවත රකිනවා. ආණ්ඩුව මෙම සයිටම් ආයතනය ගැන තමන්ගේ ස්ථාවරය රටට ප‍්‍රකාශ කළ යුතුයි. කිරිඇල්ලගේ ප‍්‍රකාශ, තමන්ගේ උත්සාහය ඵල දැරීම නිසා උද්‍යෝගයෙන් කතා කරන එස්.බී.ගේ ප‍්‍රකාශ, සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න රාජිතගේ ප‍්‍රකාශ නොව ආණ්ඩුවේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුව මෙම නීති විරෝධී සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් මෙම ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් විය යුතුයි. එසේ නොමැති නම් ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍ය සංගම්, බහුජන සංවිධාන සමඟ එක්ව සයිටම් අහෝසි කරන අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙනවා.“ යැයිද දිසානායක මහතා වැඩිදුරටත් පැවසී ය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආන්දෝලනයකට ලක්වූ 'සයිටම්' ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි?
ආන්දෝලනයකට ලක්වූ 'සයිටම්' ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි?
http://ift.tt/2k1WCI1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_483.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_483.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy