දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා
Homeප්‍රවෘත්ති

විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා

PropellerAds

රුපියල් මිලියන 5000 ක් වැය කරමින් ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වමින් රු. 40 බැගින් විදුලි ඒකකයක් මිල දී ගැනීම සදහා විදුලිබල හා පුනර්ජය...

එජාප කුණාටුව නිසා චම්පික දේශපාලන තීන්දුවක් ගැනීමට යයි.. එන සතියේ විශේෂ ප‍්‍රකාශයක්
යෝකර් රජු 20-20 ඉතිහාසය අලුතින් ලියවයි.. නවසීලන්තය වනසමින් ලෝක වාර්තා ගණනක් තියයි.. පන්දු 04කින් කඩුළු 04යි.. [Video]
'ජනපති සජිත්.. අගමැති මෛත‍්‍රී' - ශ‍්‍රිලනිපය-සජිත් පිල නව සන්ධානයක් සූදානම් !
විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා

රුපියල් මිලියන 5000 ක් වැය කරමින් ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වමින් රු. 40 බැගින් විදුලි ඒකකයක් මිල දී ගැනීම සදහා විදුලිබල හා පුනර්ජයනීය බලශක්ති අමාත්‍යාංශය නැවත වරක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ලැජ්ජා සහගත නොමග යැවීමකට ලක් කොට ඇති බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. 

අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ 2016 දෙසැම්බර් මස 29 දින මෙගාවෝට් 60 ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6 ක් සදහා මිලදී ගැනීමට ඩේලි නිවුස් පුවත්පතේ දැන්වීමක් පළ කර ඇති බවයි.  මෙම දැන්වීම පළ කරන මොහොත වන විට අඩුම ගණනේ මෙවන් මිලදී ගැනීමක් සදහා අවශ්‍ය මුලික අනුමැතියක් ලැබී නොතිබුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

අදාළ පුවත්පත් දැන්වීමට පසු දින විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් සකස් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ නමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වේ. විදුලිබලය සැපයීම අවහිර විය හැකි බැවින් තාප විදුලි උත්පාදනයෙන් මෙගාවොට් 60ක් මිලදී ගැනීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරයි.

ඒ අනුව, සියඹලාපිටිය-බටගොඩ ඇමතිවරයා සහ ලේකම්වරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා සිටින්නේ ‘විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීම මගින් තෝරා ගැනීමට’ හා විදුලි බලය මිලදී ගැනීම සදහා හදිසි අවශ්‍යතාවයක් ඇති බව ප්‍රකාශයට පත් කිරීමයට බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

කෙසේ නමුත්, මෙම කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය චම්පික රණවක ඇතුළු පිරිසක් විරෝධය පළ කරන බව ද මුදල් අමාත්‍යාංශය සිය විරෝධයෙන් දක්වන්නේ ‘හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ආයෝජන විශ්වාසය කෙරෙහි ද අයහපත් බලපෑමක් සිදු කරනු ඇති බව දක්වමින් බවද දුෂණ විරෝධි පෙරමුණ පෙන්වා දෙයි.

නැවත වරක් ගල් අගුරු වංචාවට සැලසුකම් කළ ජී.එස්.විතානගේ, ආචාර්ය සුරේන් බටගොඩ සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා ඇතුළු කණ්ඩායම තාක්ෂණික ඇගයීම් කමිටුවක් පවත්වන බවද කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

කීර්ති තෙන්නකෝන් මහතා මෙම ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුරටත් කරුනු පැහැදිලි කරමින් පහත තොරතුරු හෙලි කළේය.

2016.12.28 රැස්වීම පවත්වයි. ලේඛණ අනුව පුවත්පත් දැන්වීම සදහා වන තාක්ෂණික නිර්ණායක එම කමිටුව විසින් අනුමත කොට ඇත.

2016.12.29 මිලදී ගැනීම සදහා පුවත්පත් වල දැන්වීමක් පළ කරයි.

2016.12.30 දින අංක 16/2774/727/056 දරණ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබයි.  (සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් දින 7 කට පෙර කැබිනට් කාර්යාලයට බාරදිය යුතුය)

තාක්ෂණික ඇගයීම් කමිටුව 2017.01.16 දින අවසන් වන ටෙන්ඩරයට ඇගයීමට ලක් කරන අතර ඇග්රිකෝ, ලක්දනවි, පවර් සොලූෂන් එන්වී, The consortium of Ceylex (Pvt) and Aifaris (LLC) යන ආයතන වෙතින් ඉදිරිපත් වූ මිල ගණන් එම කමිටුව විසින් ඇගයීමට ලක් කරයි.

තාක්ෂණික ඇගයීම් කමිටුව තීරණය කරන්නේ අදාළ මිලදී ගැනීමේ වටිනාකම රු. මිලියන 6,268 ක් බවයි.  

කැබිනට් අනුමැතිය

අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය ‘ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවන්න’ 2017 ජනවාරී 10 වැනිදා අවසර ලබා දෙයි. 

නමුත්, ඒ වන විටත් ඩීසල් ජෙනරේටර් මිල දී ගැනීම සදහා 2016 දෙසැම්බර් 29 වන දා පුවත්පත් දැන්වීම් පළ කොට අවසන්ය. 

2017 ජනවාරි 16 උදේ 10 ට දක්වා ටෙන්ඩරය බාර ගැනිම සිදු කොට එදිනම මෙය ඇගයීමකට ලක් කොට, 2017 ජනවාරි 17 ප්‍රසම්පාදන මණ්ඩලය (කුප්‍රකට ගල් අගුරු ගනුදෙණුවේ කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් සමග) ටෙන්ඩරය හිමිවන සමාගම මේ පිරිස තෝරලා අවසන් කරනවා.

2017 ජනවාරි 18 විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විදුලිබල මන්ඩලයට දැනුම් දෙනවා පෙබරවාරි 06ට කලින් ඇග්රිකෝ ඉන්ටර්නැෂල් සමාගම හරහා විදුලිය ජනනය ආරම්භ කිරීමට උපදෙස් ලබා දෙයි.

අමාත්‍යාංශ ලේකම් ආචර්ය සුරේන් බටගොඩ මේ වන විටත් මිල දී ගැනීම අවසන් කොට ඇති දුෂිත, ක්‍රම විරෝධී ගණුදෙනුව සදහා කැබිනට් අනුමැතිය ව්‍යාජ කරුණු මත පදනම්ව ලබාගන්නේ 2017 ජනවාරි 26 දිනයි.

ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් සදහා අවම වශයෙන් දින 42ක කාලයක් ලබාදීම අවශ්‍යයි. නමුත් අඩුම ගනනේ කැබිනට් මණ්ඩලයට මෙම මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරන්නට හෝ පෙර පළ කරන පුවත්පත් දැන්වීමේ මේ සදහා ලබා දී ඇති කාලය දින 14 ක් පමණයි.  ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීමක් සදහා අවසරය ලබා ගන්නා විදුලිබල අමාත්‍යංශය එවැනි ජාත්‍යන්තර මිල ගණන් කැදවීමකින් තොරව කැබිනට් අනුමැතියක් හෝ නොමැතිව මිල දී ගැනීම සිදු කොට තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ගල් අගුරු ටෙන්ඩර් මගඩිය මගින් මෙරටට අහිමි කොට ඇති මුදල (විගණාකාධිපතිවරයාට අනුව රු. මිලියන 4135 කි.) ඩොලර් 78 ක විවෘත වෙළෙදපොල වටිනාකමක් සහිත ගල් අගුරු මෙටික් ටොන් එකක් ඩොලර් 90 බැගින් ලබා ගැනීම මගින් එක් නැවකින් ශ්‍රී ලංකා රජයට කෝටි 12 කට ආසන්න මුදලක් අහිමි කරන්නේ ද සියඹලාපිටිය - බටගොඩ ඇමති-ලේකම් සුසංයෝගය යි.

මෙම මාධ්‍ය හමුවේදී දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්, නිශාන්ත වර්ණසිංහ යන අය ද අදහස් දැක්වූහ. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා
විදුලිබල මාෆියාවේ තවත් හෙළිදරව්වක්: කැබිනට් අනුමැතියට පෙර මිලදී ගැනීම් සිදු කරලා
http://ift.tt/2lpUmr1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_588.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_588.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy