දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දරුවන්ගේ සුරක්ෂිතභාවය ගෙන ඇති පියවර යුනෙස්කෝවේ ඇගැයීමට ලක් වෙයි
Homeප්‍රවෘත්ති

දරුවන්ගේ සුරක්ෂිතභාවය ගෙන ඇති පියවර යුනෙස්කෝවේ ඇගැයීමට ලක් වෙයි

PropellerAds

යුනෙස්කෝ සංවිධානයේ 206 වෙනි විධායක මණ්ඩල රැස්වීම පසුගියදා (09) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණි. යුනෙස්කෝ හි විධායක මණ්ඩලයේ 206 වැනි ...

මාරක වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනය සරසවි සිසුවෙක් ක්‍රීඩාවේ විධානයකට බය වී සිය දිවි හානි කරගනී!
සෞඛ්‍ය ඇමතිගේ කාර්යාලය ඖෂධ ජාවාරම්කරුවන්ගේ තිප්පොළක්… (video)
රුවන්වැලි සෑය ගැන කළ ප්‍රචාර බොරු… චූඩාමාණික්‍යයට-මැණික්වලට කිසිම හානියක් නෑ... CID සහ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුයි
දරුවන්ගේ සුරක්ෂිතභාවය ගෙන ඇති පියවර යුනෙස්කෝවේ ඇගැයීමට ලක් වෙයි
යුනෙස්කෝ සංවිධානයේ 206 වෙනි විධායක මණ්ඩල රැස්වීම පසුගියදා (09) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණි.
යුනෙස්කෝ හි විධායක මණ්ඩලයේ 206 වැනි සැසිවාරය ආරම්භ කරමින් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය යුනෙස්කෝව ලෝකයේ වත්මන් අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංවිධානාත්මක ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය.
විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය ,අධ්‍යාපනය,කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය,මාධ්‍ය නිදහස සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම වැනි කරුණු  පිළිබඳවද ඇය මෙහිදී  විශේෂයෙන් අවධාරණය කර සිටියේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය 21 වන සියවසේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අධ්‍යාපන හැදෑරීමේ වැදගත්කම මතුකරන ලදි,.
අධ්‍යාපනයේ නව ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි යුනෙස්කෝ මහා සභා රැස්වීමේ දී අධ්‍යපනයේ සුදුසුකම් පිළිගැනීම පිළිබඳ සම්මුතියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළාය.
යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති සහ යුනෙස්කෝ විධායක මණ්ඩල සමාජික අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රැස්වීමට එක් වෙමින් ශ්‍රී ලංකාව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ විධායක මණ්ඩලය දැනුවත් කරන ලදි.
නූතන ලෝකය රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සිදු කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා රජය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුකර ඇති බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා දහතුන්  වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන පිළිබඳව ද යුනෙස්කෝ විධායක මණ්ඩලය දැනුවත් කර සිටියේය. 
සාමාන්‍ය පෙළ  විභාග කඩඉම අසමත්ව සහ ලෝකයේ ඉදිරියට යා හැකි වෘත්තීය නිපුණතාවන් අත්පත් කර ගැනීමට නොහැකිව ජීවන අර්බුදයන්ට මෙන්ම සමාජ ගැටලු රැසකට දරුවන්ට මුහුණ පෑමට සිදුව තිබූ වටපිටාවක එම අධ්‍යාපනයේ විශමතාවන් බැහැර කරමින් මෙම වැඩසටහන හඳුන්වාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැහැදිලි කළේය.
දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ විෂමතාවන් බැහැර කරමින්  අධ්‍යාපනයේ සම අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියත් කර ඇති ළඟම පාසල -  හොදම පාසල වැඩසටහන පිළිබඳවද යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා එහි විධායක මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදි.
මීට අමතරව වයස අවුරුදු 5 සිට 19 දක්වා වන සියලුම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම පිණිස රජය විසින් නොමිලේ හඳුන්වා දී ඇති “සුරක්ෂා” රක්ෂණාවරණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විධායක මණ්ඩලයේ අවධානය යොමු කළ අතර ශ්‍රී ලංකා රජය දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගෙන ඇති සාධනීය පියවරයන් යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුවේ ඇගැයීමට පාත්‍ර  විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දරුවන්ගේ සුරක්ෂිතභාවය ගෙන ඇති පියවර යුනෙස්කෝවේ ඇගැයීමට ලක් වෙයි
දරුවන්ගේ සුරක්ෂිතභාවය ගෙන ඇති පියවර යුනෙස්කෝවේ ඇගැයීමට ලක් වෙයි
http://am.lk/media/k2/items/cache/f828bf0157199f69fcefe355023b2892_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_377.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_377.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy