සෑම මසකම 10 වන දා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රයට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් යළි සංශෝධනය වීමට නියමිතයි. ඒ අනුව අ...
සෑම මසකම 10 වන දා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රයට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් යළි සංශෝධනය වීමට නියමිතයි.
ඒ අනුව අද පස්වරු 6.00ට මුදල් අමාත්‍යාංශයේදී ඉන්ධන මිල සූත‍්‍ර කමිටුව රැස්වී ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.
එම කමිටුවේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් වලට සාපේක්ෂව අද දිනයේ බොහෝ දුරට ඉන්දන මිල සුළු වශයෙන් ඉහළ යෑමට හෝ මිල නොවෙනස්ව පැවතීමට ඉඩ ඇති බවයි.
මේ වන විට ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇති ඇති අතර, ඉකුත් මස 10 වැනිදා අමෙරිකානු ඩොලර් 68කට පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 70ක් ලෙසයි. කෙසේවෙතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් සමයේදී ඉහළ ගිය අතර, ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් 182.54ක්ව පැවැති අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ (09) වනවිට සටහන් වූයේ රුපියල් 174.72ක් ලෙසයි.
එමෙන්ම ආර්ථික දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල ඉකුත් සඳුදා වනවිට සියයට 4.5 කින් අධිප‍්‍රමාණය වී තිබුණා.
COMMENTS