කුඩා දරුවන් ද විරෝධතා පෙළපාලිවලට එක්කර ගැනීම මෙරට සම්ප‍්‍රදායක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ...
කුඩා දරුවන් ද විරෝධතා පෙළපාලිවලට එක්කර ගැනීම මෙරට සම්ප‍්‍රදායක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ නානායක්කාර මහතා, " කව්රුවත් හිතන්න නරකයි මේ ලංකාව යුරෝපයේම කොටසක් කියලා. අපේ සම්ප්‍රදාය නම්, අපි පොඩි එවුනුත් ලව්වා සටන් පාඨ කියවමින් යන්නේ." යි කියාසිටියේය.
පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ 'ජන සටන' පාද යාත්‍රාව අතරතුරදී කුඩා දරුවෙකු ලවා සටන් පාඨ කියවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබේ.
වීඩියෝව පහතින්.
COMMENTS