ඇ ඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග...
ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වාදී තිබේ.
ඇදිරි නීතිය දැමීමට අවශ්‍ය ප්‍රදේශයන්හි පමණක් තෝරා බේරා ගෙන අවශ්‍ය තැනට පමණක් එය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, ආර් සම්බන්ධන් මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග පැවති විශේෂ සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.
තම පාලන කාලයේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ දී හෝ කිසි දිනෙක රටපුරා ඇදිරි නීතිය පැනවීමක් නොකළ බවද පෙන්වාදී ඇති රාජපක්ෂ මහතා ගාමිණී දිසානායක මහතා ඝාතනය සිදුවීමේ දී පමණක් රටපුරා ඇදිරි නීතිය පැනවූ බව ද සිහිපත් කර ඇත.
තම තමන්ගේ ආරක්‍ෂාවට වඩා රටේ ජනතාව මෙම සිදුවීම සම්බන්ධයෙන් වේලාසන දැනුවත් කළ යුතුව බවත් එසේ කර තිබුණා නම් මෙම විනාශය අඩු කර ගත හැකිව තිබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබින.
සාකච්ඡාව අවසානයේ සාකච්ඡා මේසයෙන් නැගිටිමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුණේ බුද්ධි අංශ මේ තරම් අකර්මණ්‍ය කර තිබියදී මෙයාකාරයෙන් තොරතුරක් ලැබීම ප්‍රමාණවත් බවත් ඉතිරි බුද්ධි අංශ නිලධාරීන්ද හිරගෙවල්වල දැමුවේ නම් මීට වඩා ප්‍රතිඵල ලබාගත හැකිව තිබූ බවයිත.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරද්දී කිසිවකුත් ඊට එරෙහිව අදහස් පළකර නැත.

COMMENTS