ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුනුකරු ලෙස මෙ රට බිහිවූ තාක්ෂණය අතින් ඉහලම පිතිකරු ලෙස සැලැකෙන රෝයි ඩයස් මහතා පත්කර ඇති බව වාර්තා වේ. තම ක්‍රිකට්...
තම ක්‍රිකට් ක්‍රීඩක දිවියේ අවසන් භාගයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් පසු ටෙස්ට් තරග විස්සකට ක්‍රීඩා කර ඇති රෝයි ඩයස් එහිදී ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1285ක් ලබාගෙන ඇති අතර,එක්දින ජාත්‍යන්තර තරග 58 දී ශතක 2ක් සහ අර්ධශතක 11ක් සමඟින් මුලු ලකුණු 1573ක් ලබාගෙන ඇත. රෝයි ඩයස් මහතා කලක් ශ්‍රී ලංකාවේ උප නායකත්වය දරා තිබීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ හිටපු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ට පසුගිය දා ඩුබායිහි පවත්වන ලද ටී/ටෙන් තරගාවලියට අදාලව අයිසීසී ය මඟින් තරග පාවාදීමේ චෝදනා එල්ල වීම සහ වෙනත් විශමාචාර චෝදනා එල්ල වීම හේතුකොටගෙන ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් කර ඇතිබව පසුගිය දා වෙබ් අඩවියක් විසින් වාර්තාකර තිබෙි.
COMMENTS