දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන රජය ගත් වැරදි තීන්දු සියල්ල රාජිත හෙළි කරයි
Homeප්‍රවෘත්ති

යහපාලන රජය ගත් වැරදි තීන්දු සියල්ල රාජිත හෙළි කරයි

PropellerAds

යහපාලන රජය හොද තීන්දු ගත් අතරේ ගොන් තීන්දුවක් ද ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. චීන සහන ණය ආධාර යට...

රජයේ සේවක බදු සහන වාහන බලපත‍්‍ර යලිත්.. බදු සහන යතුරු පැදිත් දෙයි..
ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන එලියට
චම්පිකගෙන් ජනපතිට අභියෝගයක්
යහපාලන රජය ගත් වැරදි තීන්දු සියල්ල රාජිත හෙළි කරයි

යහපාලන රජය හොද තීන්දු ගත් අතරේ ගොන් තීන්දුවක් ද ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සහන ණය ආධාර යටතේ දිවයින පුරා රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව කළවාන මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට ඊයේ (06) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“යහපාලන රජයක් පිහිටුවීමට ගත් තීන්දුව හොදයි. ඒ අතරේ ගොන් තීන්දුවක් ද ගත්තා. ඒ තමයි ප්‍රචාරණය නතර කිරිම. ජර්මනියේ තිබෙන යහපාලනය මෙරටට ඒ අයුරින්ම ගැලපෙන්නේ නැහැ. සංශෝධන ඇති කළ යුතුයි.  වර්තමානයේ ජනාධිපතිගේ චින්තන, අගමැතිගේ චින්තන, නැහැ. තියෙන්නේ එක් එක් අමාත්‍යවරයාගේ චින්තන පමණයි. නමුත් පසුගිය රජය සමයේ තිබුන එකම චින්තනය මහින්ද චින්තනය විතරයි. ඇමැතිවරයෙක් වැඩක් කළත් එය මහින්ද චින්තනයට ගොනු කරනවා. එම නිසා සියලු දෙනාම හිතුවා මහින්ද රාජපක්ෂ මහතා විශ්වකර්මයෙක් කියලා. හම්බන්තොට වරාය හදන විට රට පුරාම ප්‍රචාරණය කරනවා. අපි එහෙම කළේ නැහැ. නමුත් අපිත් තීන්දුවක් ගත්තා ප්‍රචාරණය වැඩි කරන්න. ජනතාව දැනුවත් කරන්න. ජනතා හිතවාදි වැඩපිළිවෙළක් අපි දියත් කර තිබෙනවා. ආණ්ඩුව තුල දුර්වලකම් තිබෙනවා. දුර්වලකම් නැති ආණ්ඩු හදන්න කවදාවත් බැහැ. බුදුරජාණන් වහන්සේ පවා දේශණා කළේ ආරෝග්‍යා පරමා ලාභා යනුවෙනි."

ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම රටේ සංවර්ධනයටත් හේතුවක් වෙනවා. අක්ෂි කාච ලක්ෂයක් පසුගිය වසර 03 තුල රෝගීන්ට ලබාදී තිබෙනවා. හැබැයි සමහරු හිතන්නේ එම අක්ෂි කාචත් මහින්ද චින්තනයේ වැඩක් කියලා. මහින්ද රාජපක්ෂ මහතා ලබාදෙන්නේ හොද දේවල්. රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන්නේ නරක දේවල් එහෙම තමයි ජනතාවට උගන්වලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මගෙන් ඊයේ ඇහුවා හම්බන්තොට නව මහ රෝහල විවෘත කරන්නේ කවදාද කියලා. මම කිවුවා ලබන මාසයේ විවෘත කරනවා. මම ඔබතුමාටත් ආරාධනා කරනවා කියලා. නෙදර්ලන්ත ආධාර යටතේ තමයි එම රෝහල ඉදිකර ඇත්තේ. වත්මන් රජය යටතේ මම අවයව බද්ධ කිරීම ලංකාවේ ආරම්භ කළා. ඉදිරියේ දී අවයව බද්ධ කිරීම අතින් හොදම රටක් ලෙස ලංකාව ප්‍රකාශයට පත් කරයි. කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාවට 2018 වසරේ දී පමණක් රුපියල් බිලියන 06 ක් ලබාදී තිබෙනවා. මෙලෙස ජනතා හිතවාදී තීන්දුගත් කිසිදු රජයක් නැහැ."යැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන රජය ගත් වැරදි තීන්දු සියල්ල රාජිත හෙළි කරයි
යහපාලන රජය ගත් වැරදි තීන්දු සියල්ල රාජිත හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/08c7d6cf76bcbd72faefa94369ed38f2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_199.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_199.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy