පසුගියදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවත් සියලුම රාජ්‍ය බලය, පදවි තානාන්තර සහ ධන බල...
පසුගියදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවත් සියලුම රාජ්‍ය බලය, පදවි තානාන්තර සහ ධන බලය පාවිච්චි කොට ද ඔහුට බහුතරය හදා ගත නොහැකි බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙලෙස අග්‍රාමාත්‍ය වරයෙකු පත් කිරීම ව්‍යවස්ථා උල්ලංගණය කිරීමක් බවද පැවසීය.
යුක්ති සහගත මැතිවරණයක් වහාම පැවැත්විය යුතු බවත් මෙලෙස රජය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට අනාගතයේදී අනිවාර්යයෙන්ම වගවීමට සිදුවන බවද පැවසිය
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කර තිබේ නම් තමන්ට දුන් ජනමතයට විරුද්ධව කටයුතු කර ඇත්නම් මේ අවස්ථාවේ සිදු කල යුතු වන්නේ ආණ්ඩුවේ නිල අයිතිකරුවන්ට භාර දීම බවත් ඒ මහතා සඳහන් කර ඇත.
ලබන 08 වනදාට ධූර කාලය අවුරුදු 4ක් පිරිම නිසා ඔහු ජනතාව ඉදිරියට ගොස් තමන් කළ දේ හා කරන්න යන දේ සම්බන්ධයෙන් ජනතා මතය උරගා බැලිය යුතු බවද පැවසිය.
COMMENTS