දිවයිනේ ස්ථාන කිහිපයක ඊයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් ක...
දිවයිනේ ස්ථාන කිහිපයක ඊයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය වැඩිදුරටත් පවසන්නේ, තුවාලකරුවන් 500ක් පමණ වාර්තා වන බවයි.
එමෙන්ම දිවයිනේ ඊයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා. මේ වනවිට තවදුරටත් දිවයින පුරා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
COMMENTS