2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය විශේෂඥ ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට ලබා දීමට ක්...
ඒ සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව තිබෙනා බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.
දිමුත් කරුණාරත්න වසර හතරකින් එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති එක්දින තරග සදහා භාවිතා කරන සුදු පන්දුව නුහුරු ක්‍රීඩකයෙක් වීමද විශේෂත්වයකි. ඔහුගේ එක්දින ලකුණු සාමාන්‍ය ලකුණු 15ක් වීම කැපි පෙනේ. දිමුත් කරුණාරත්න මරදාන ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මේ අනුව ලෝක කුසලානයට එක් වන අත්දැකීම් අඩුම නායකයා බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා නායකයාය.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ. එම සංචිතයද අද දිනයේ ප්‍රකාශයට පත් වීමට නියමිතය.

COMMENTS