අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා ...
අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට මේ වන විටත් ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව තවමත් අවිනිශ්චිතව පවතිනවා.
කෙසේ වෙතත් , අයවැය ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද උදෑසන පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඒම පක්ෂයේ ජේෂ්ඨයෙකු කියා සිටියේ.
අද දහවල් 12.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර හමුවක් ද පැවැත්වෙනවා.
එහිදී අයවැය ඡන්දය සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව ගැනෙණු ඇති.
COMMENTS