කාන්තාවන්ට පමණක් වෙන් වූ බස්රථ සේවාවක් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඉදිරි සති 02 කාලය තුළ එම වැඩ...
කාන්තාවන්ට පමණක් වෙන් වූ බස්රථ සේවාවක් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඉදිරි සති 02 කාලය තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ගමනාගමන
කොළඹින් ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ හඳුනාගත් සෙසු නගරවල කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් කාර්යාල වේලාවන් තුළදී එම බස්රථ යෙදවීමට නියමිත බවත් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ඇතුළු විවිධ හිංසාකාරී ක්‍රියාවන් හේතුවෙන් මෙම පියවර ගත් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
-සුමන උදයන්ත-
COMMENTS