දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බව පවසා ඇත්තේ දේශපාලන විද්‍යාවේ විශාරදයා වන මැකියාවෙල්ලියි. ඒ කියමන සනාථ කරමින් අප ඇස ගැටෙන...
දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බව පවසා ඇත්තේ දේශපාලන විද්‍යාවේ විශාරදයා වන මැකියාවෙල්ලියි.
ඒ කියමන සනාථ කරමින් අප ඇස ගැටෙන බොහෝ දසුන් දකුණේ දේශපලනයේදීද උතුරේ දේශපාලනයේදීද කිසිදු වර්ග කිරීමකින් තොරව අපට දක්නට ලැබෙයි.
තමන්ගේ එකම හතුරා දෙමළ ජාතික සන්ධානය බවත් එහි නායකයෝ තමන්ව විනාශ කළ බවත් කියමින් එම පක්ෂය අතහැර දමා දෙමළ ජනතා සන්ධානය නමින් අලුත්ම පක්ෂයක් බිහි කළ උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයා හමු වූ අවස්ථාවේදී ඔහුට සියලු විරසකයන් මදකට අමතක වී තිබුණි.
උතුරු පළාත් සභාවේ මීළග ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වීම සදහා කැස කවමින් සිටින මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාටද තමන් විග්නේස්වරන් මහතා ගැන කී කතා ඒ මොහොතේ අමතකව ඇති බවක් මේ ඡායාරූපයෙන් පෙනෙයි.
දෙදෙනාම සහෝදර ලීලාවෙන් එකිනෙකාට අතට අත දී සිනා සෙද්දී ඒ ඒ පක්ෂ පසු පස දුවන ඡන්දදායකයෝ වන අප එකිනෙකා ඇණ කොටා ගනිති.
(දිනසේන රතුගමගේ)
COMMENTS