විපක්ෂය වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා නියම සුදුසු ස්ථානය අපිට දෙයි කියා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ ඊයේ (19) පාර්ලිමේ...
විපක්ෂය වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා නියම සුදුසු ස්ථානය අපිට දෙයි කියා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඊයේ (19) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
“අපි විපක්ෂ නායකකම ඉල්ලනවා. අගමැතිවරයා එම පුද්ගලයාම බවට පත් වේවි මම හිතන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයයි සිරිසේන ඇමැතිතුමයි අතර තියෙන ගනුදෙනුවක්නේ. අපි එයාලට කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එනවා නම් අපි අපේ සහයෝගය එළියේ ඉදලා දෙනවා කියලා. අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඒක දෙන්නේ නැහැ. ඒ අනුව අපි විපක්ෂයේ ඉන්නවා. විපක්ෂය වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා නියම සුදුසු ස්ථානය අපිට දෙයි කියලා. ආණ්ඩු තියෙනවා, නැති වෙනවා. අපි කිව්වනේ. හැබැයි තව වෙසක් පෝය දෙකයි. නීතිපති උපදෙස් ඕනෙද? ජනධිපති විධායක විත්තිය අමතක කරන්න එපා.”
COMMENTS