දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියටත්: ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයට?
Homeප්‍රවෘත්ති

මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියටත්: ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයට?

PropellerAds

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ඇතිව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් පවතින බව අභ්‍යන්තර...

බැඳුම්කරේ නිසා යහපාලනේට වෙච්චි දේ 20 නිසා මේ ආණ්ඩුවටත් අනිවාර්යයෙන් වෙනවා - මනෝ
19ට අපි අත ඉස්සුවේ 20ට අත උස්සන්න ඕනෙ නිසා - දයාසිරි
‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කතාවට බාධා කෙරු චාමර සම්පත්ට සැරට අමතයි (video)
මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියටත්: ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයට?

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ඇතිව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ එකඟත්වය මත එක්සත් ජනතා නිදහස් සන්ධන මන්ත්‍රීවරුන් 43කගේ කොටසක් එක්සත් ජාතික පක්ෂයට සහාය දීමටත්, සෙසු පිරිස විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමටත් එකඟත්වය පළවී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන යහපාලන රජය ඉදිරියටත් ක්‍රියාත්මක වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ මේ දිනවල රඟ දැක්වෙනුයේ දේශපාලන රංගනයක් බවත් කෙසේ හෝ ජනාධිපතිවරයාගේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මින් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට නියමිත බවත්ය.

ශ්‍රීලනිප අගමැති සටන ඉදිරියට

කෙසේ වෙතත් ජනාධිපති, අගමැති ප්‍රමුඛ වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව බාධාවකින් තොරව ඉදිරියට පවත්වා ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඊයේ (19) දහවල් පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පැවසූවේ ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වෙනස්කම් කිරීමට පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන ශක්තිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකු පත්කිරීමේ උත්සාහය නතර කර නැති බවත්ය.

එසේ වුවත් මේ අර්බුදය තවදුරටත් පවත්වාගෙන යාමෙන් රට අස්ථාවර වන බැවින් පවතින සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාම මේ මොහොතේ හොඳම විකල්පය වන බැවින් මෙම එකඟතාවට පැමිණි බව එස්.බි. දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සමග තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඊයේ (19) දහවල් පැවැත්විණ. පැය හතරකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාව ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග වත්මන් ආණ්ඩුවට පවතින විරෝධය සම්බන්ධයෙන් මැති ඇමැතිවරු මෙහිදී කරුණු පැහැදිලි කර තිබිණ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බවට මැති ඇමැතිවරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ ද සහයෝගය ඇතිව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට පසුගිය දින කිහිපය පුරා දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුණද ඒකාබද්ධ විපක්ෂය එම ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා බවට දැඩි ස්ථාවරයක සිටියේය. එම ආණ්ඩුව සඳහා එක්සත් ජාතික පක්ෂයේද මන්ත්‍රීවරු පිරිසක් සහයෝගය දැක්වීමට එකඟතාව පළ කර තිබූ බව වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියටත්: ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයට?
මෛත්‍රී - රනිල් ආණ්ඩුව ඉදිරියටත්: ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයට?
http://am.lk/media/k2/items/cache/8da3dbcdb1b24b517abe0ba2ea9a955a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_216.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_216.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy