ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ජා පැවැත්වුවද එය නොකෙරෙන දීගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ජා පැවැත්වුවද එය නොකෙරෙන දීගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ , කොළොන්නාව ආසනයේ සංවර්ධනය කරන ලද තවත් අතුරු මාර්ග 03 ක් ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයකට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ පුළුල් පෙරමුණ ගොඩනැගුණු පසු අවසාන මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඊට එක් වීම සඳහා බලා සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
"ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි එක්වීම කියන්නේ නොකෙරෙන දීගයක්. ඒක කසාද බදිනවා වෙන් වෙනවා, නැවත කසාද බදිනවා වගේ වැඩක්. ඒක වෙන්නේ නැති දෙයක්.මොකද හේතුව පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා කරන්න තීරණය කරානම්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ පැත්තට එකතු වෙලා වැඩක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ඉන්න කණ්ඩායමට පොහොට්ටුවත් එක්ක ගිහින් ඊළග පාර පාර්ලිමේන්තු යන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මේ අය ඉන්න අපේ යූන්පී පුළුල් සංධානය හැදෙනකම් අවසාන මොහොතේදී ඒක හැදුනාට පස්සේ ගෝඨාභය රාපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි ඕනම කෙනෙක් එක්ක දිනන්න පුළුවන් අපේක්ෂකයාව දාලා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. අනෙක පොහොට්ටුව අවශ්‍ය පරිදි ජුනි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්නත් ,ඒවාට අත උස්සන්නවත් අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට සූදානම් නෑ . ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න අපි කිසිසේත්ම එකග නෑ. මොකද හේතුව ජනාධිපතිවරණයේදී තමයි එක්සත් ජාතික පක්ෂ කදවුර එකම කදවුරක් ලෙස සමගි සම්පන්නව එකතු වෙන්නේ."
ඒ අනුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එසැනින් ඒ රැල්ල පිටින් මහ මැතිවරණයකට ගොස් තනි යූන්පී ආණ්ඩුවක් හැදීම බලාපොරොත්තුව බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS