ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ක...
ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතයි.
කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ පසුගිය පෙබරිවාරි 01 වැනිදා සිට ලෝක වෙළදපළේ තෙල් මිල මේ වන විට අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.
අවසන් වරට පසුගිය පෙබරිවාරි මස 11 වනදා රැස් වු ඉන්ධන මිල කමිටුව විසින් එදින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු 08 කින් ද ඉහළ දමා තිබුණි.
COMMENTS