බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපර...
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ඇති අතර ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට භාවිතා කළ වාහනය ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 05දෙනා වයස අවුරුදු 25ත් 30ත් වයසේ පසුවන තරුණයින් බව වාර්තා වේ.
පසුගිය අගෝස්තු මස 21දා රාත්‍රී 9.15ට පමණ 29 හැවිරිදි මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් නැමැති අංක 21, කොතලාවල ඇවනියු, කොළඹ 4 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී තරුණයින් 02ක් ඊයේ (01) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ගැබීය.
COMMENTS