ඉදිරි අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කරන බවට එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළත් ත...
ඉදිරි අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කරන බවට එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළත් තමන් එය අනුමත නොකරන බව එජාප ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ආණ්ඩුව විසින් ගෙනයන වත්මන් වැඩපිළිවෙල වැළැක්වීමට අයවැය හෝ වැය ශීර්ෂ පරාජය කිරීමට ඇතැමුන්ට වුවමනා වුවත් ඊට ඉඩක් නොලැබෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එක් අයකු දෙදෙනෙකු කුමක් පැවසුවත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා තමන් සියළු දෙනාම එක්වී කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ක්‍රියා කරන බවට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
COMMENTS