දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමන්ටම සාප කර ගනිමින් හෙණ ගෙඩි ඉල්ලන තරමට යහපාලකයන්ගේ මනස විකෘති වෙලා
Homeප්‍රවෘත්ති

තමන්ටම සාප කර ගනිමින් හෙණ ගෙඩි ඉල්ලන තරමට යහපාලකයන්ගේ මනස විකෘති වෙලා

PropellerAds

ය හපාලනය අප රට විනාශකාරී තැනකට තල්ලු කර දමා ඇති බවත් එම බරපතල පාප කර්මයට එක් වූ සියලු දෙනා අපා ගත වීම නියත බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු ...

මම නිකං ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක්..දේශපාලනයේ සතුටින්ම ඉන්න කෙනා මම… මගේ කට වහන්න කාටවත් බැහැ – හිටපු ජනාධිපති
රාජපක්ෂලා ෆේල්,රාජපක්ෂලාට ආයේ කවදාවත් බලයට එන්න බැහැ!(VIDEO)
අර්බූදයෙන් ගොඩ එන සල්ලි හොයාගන්න බැසිල් යළි චීනය-ජපානය දෙසට හැරෙයි! පිටු 10ක වාර්තාවක් ඉදිරිපත් කරයි!
හපාලනය අප රට විනාශකාරී තැනකට තල්ලු කර දමා ඇති බවත් එම බරපතල පාප කර්මයට එක් වූ සියලු දෙනා අපා ගත වීම නියත බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය . මහින්ද රාජපක්ෂ මහතා එදා ත්‍රස්තවාදය පරදා රටට ,ජනතාවට දිනා දුන් ජයග්‍රහණ පුදුම සහගත බව කී ඒ මහතා එහෙයින් රට වැසියන් එතුමාට සදා ණය ගැති යැයි ද සඳහන් කළේය .


හෙට්ටිගේ මහතා එසේ කිවේ කොටපොල ගල්දොලදී පැවති සුහද හමුවකට එක් වෙමිනි .

එහිදී ඒමහතා මෙසේද කීය .

“රටේ සියලු දෙනා මහ අවුලක පැටලී ඉන්නෙ .පාලකයන්ගේ අමන ක්‍රියා කලාපය රටේ විනාශයට හේතු වුණා .දැන් මිනිසුන් අන්ත අසරණයි .7 % කට වැඩි ආර්ථික සංවර්ධනයක් සහිත සාමකාමී රටක් මහින්ද මහත්තය එදා බාර දුන්නෙ .අද එය 3 % කට වැටිලා . වසර අග දී එය තවත් නරකම තැනට වැටෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් කියනවා .මහින්ද චින්තන ලියවිල්ල එදා රට ඉදිරියට ගෙන ගියා .දිවි නැගුම මග නැගුම වැනි විවිධ වැඩ සටහන් මගින් ආර්ථිකයේ යෝධ පිම්මක් ඇති වුණා .රට සරු සාර වී ජනතාවට පැහැදිළි අනාගතයක් පෙනුනා .එහෙම වුනේ දැක්මක් ඇති නායකයෙක් එදා රට පාලනය කළ නිසා .එදා සහ අද වෙනස සමස්ත ජනයාට දැන් හොඳට දැනෙනවා .

යහ පාලනය රැකියා ලක්‍ෂ 10ක් දෙනවා කීවා . තිබුණ රැකියා වලිනුත් ලක්‍ෂ 10ක් පමණ මේ වන විට අහිමි කරලා .හැම පැත්තම දරුණු පසු බෑමක තියෙන්නේ . දරුවන්ගේ අනාගතය අඳුරු කරලා .

මහින්ද මහත්තයා හදා දුන් ආරක්‍ෂිත රට අනාරක්ෂිත කළේ යහ පාලකයන් . රටට මත් කුඩු ගේන්නත් අන්තවාදයට හා ත්‍රස්තවාදයට වැඩෙන්න ඉඩ හැදුවෙත් ඒ අයමයි . මේ අයට රට ගෙන යන්න නොහැකි බව ඔප්පු වී අවසන් .ඒක පිළිගන්න බැරි තරමටඒ අයගේ මනස විකෘති වෙලා තමන් තමන්ට ම සාප කර ගන්නා මිනිස්සු ඉන්න පුලුවන්ද ?දැන් එවැනි අයත් ඉන්නවා .යහපාලනය ගේන්න වැඩ කළ වරදට තමන්ට සාප වෙන්න කියල මහාචාර්ය වරයෙක් ප්‍රසිද්ධියේ කීවා .ඒ කෑ ගසන්නේ ඒ අයගේ හෘද සාක්ෂියයි .රටට හානි කරන්නන් මෙන් ම ඊට අනුබල දෙන අයද අපරාධ කරුවන් වෙනවා .ඔවුන්ට සොබා දහමෙනුත් ළඟදීම දඬුවම් ලැබේවි .

රටේ සංස්කෘතියේ හැඩ තල හඳුනා ගන්න බැරි නායකයන්ට රටක් බාර දුන් විට සිදු වන්නේ විනාශයක් .ජන වර්ගයන් අතර ප්‍රශ්නයක් ඇත්නම් විසදුම් දිය යුත්තේ බහුතරයේ ආශීර්වාදයෙන් .හුදු ජනප්‍රියත්වය බලා අමන වැඩ කිරීමෙන් රටට සෙතක් වන්නේ නෑ.ඒ තුළින් මතු වන්නේ සාමය සමගිය නැති ගැටුම්කාරී සමාජයක් .අද ඒ දේ සිදු වෙලා .

යහ පාලනයට එක් වී රට විනාශ කළ සියලු දෙනා අපා ගත වීම නියතයි .ජනතාවට දේශපාලනය අප්‍රසන්න වෙලා .එය හොඳ දෙයක් නොවේ .ඇරිස්ටෝටල් කියා තිබෙන්නේ ” ඔබ දේශපාලනය නොකරන්නේ නම් අඥානයන් විසින් ඔබ ව පාලනය කරනු ඇති බවයි ” කියල . අපි ප්‍රජාතන්ත්‍රවාදයත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනත් රැක ගන්න ඕනෑ .යහපත් මිනිසුන් තෝරා ගැනීම රට වැසියන්ගේ වගකීමක් .වැරදුනු තැන් හදා ගත යුතුයි .

යළි රට ගොඩ ගන්න මහින්ද මහත්තය රට තුළ මුදුන් ගත විය යුතු බව පොදු ජන පැතුමයි .අපි රටට ණය නැති පිරිසක් ලෙස ජීවත් වී මිය යන්න ඕනෑ . ජාතීන් සමග සුහදව ජීවත් වීමට හැකි වන්නේ දියුණු මානව ගුණ ධර්ම සහිත මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීම තුළින් පමණයි .

එවැනි පසුබිමක් හදා ගන්න මේ අමන පාලකයන් ලොකු බාධාවක් වී ඇතැයි ද හෙට්ටිගේ මහතා පැවසීය .

මෙහිදී ප්‍රදේශයේ සමාජ සංවිධාන රැසක නියෝජිතයෝ කීප දෙනෙක් ද කතා කළහ.

– htg


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමන්ටම සාප කර ගනිමින් හෙණ ගෙඩි ඉල්ලන තරමට යහපාලකයන්ගේ මනස විකෘති වෙලා
තමන්ටම සාප කර ගනිමින් හෙණ ගෙඩි ඉල්ලන තරමට යහපාලකයන්ගේ මනස විකෘති වෙලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdkYagmAUzbJPjc4hdyChvwRcQmqtJOt4Hsm-UKZlv9U1cxVzR8JB62iFKTdkOsBoX2mxhIYXNWeOjDoJNUS_muZKZd3EiqrqRanJmxvXvTYbWWQSUe0IgiDpoedaN8Vaz-0g8ZsZuXTHg/s320/hettige.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdkYagmAUzbJPjc4hdyChvwRcQmqtJOt4Hsm-UKZlv9U1cxVzR8JB62iFKTdkOsBoX2mxhIYXNWeOjDoJNUS_muZKZd3EiqrqRanJmxvXvTYbWWQSUe0IgiDpoedaN8Vaz-0g8ZsZuXTHg/s72-c/hettige.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy