දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි 700 දියමන්තිය හමුවෙයි වටිනාකම 500 ට අඩුවෙයි රට පැන්නුවැයි කී අමල් රයන් ගේ නම් ගිළිහෙයි
Homeගොසිප්

කෝටි 700 දියමන්තිය හමුවෙයි වටිනාකම 500 ට අඩුවෙයි රට පැන්නුවැයි කී අමල් රයන් ගේ නම් ගිළිහෙයි

PropellerAds

ප සුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් මහරගම නිවසකදී සොරකම් කෙරුණ කෝටි 700 ක් වටිනවා යයි කී දියමන්තිය පෙරේදා (4) ...

තනිවී සිටින්නයි අදහස් කළේ - මහින්ද ගයයි (බ්‍රහස් කාටූන්)
අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු
මිනුවන්ගොඩ වෙහිකල් ලංකා හොර එකලස් මධ්‍යස්ථානය වැටලේ
සුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් මහරගම නිවසකදී සොරකම් කෙරුණ කෝටි 700 ක් වටිනවා යයි කී දියමන්තිය පෙරේදා (4) රාත්‍රියේ පානදුර කෙහෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙම දියමන්ති කොල්ලය සම්බන්ධයෙන්  ඉකුත් 10 වැනි දින සැකපිට අත්අඩංගුවට පත් හේමාල් රංජන පෙරේරා සහ කසුන් සදරුවන් යන දෙදෙනා දුන් තොරතුරු අනුව
සිදුකළ විමර්ශනවලදී  මාකඳුරේ මධුෂ්ගේ ලංකාවේ ප්‍රධාන ඒජන්ත හැටියට සැලකෙන කැලුමා හෙවත් කැළුම් ඉන්දික සම්පත් නමැති අය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම දියමන්තිය හමුව තිබෙන්නේ, ඔහුට අයත් නිවසකිනි.
පානදුර කෙහෙල්වත්ත, තක්සලා හරස්පාර ප්‍රදේශයේ දෙමහල් නිවෙසක ඉහළ මහලයේ අල්මාරියක් තුළ සඟවා තිබූ දියමන්තිය මුලින් ගණනය කළ පරිදි කෝටි 700 ක් නොව කෝටි 500 පමණ වනු ඇතැයිද මැනික්වල වටිනාකම කෝටි 200 වනු ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව පෙන්වා දී තිබේ.


මුල් වාර්තා වලින් කියැවුනේ මෙම දියමන්ති සොරකමින් පසු එය ගායක අමල් හෝ ටෙලි නළු රයන් වැනි ප්‍රසිද්ධ අයකු මාර්ගයෙන් ගුවන් තොටුපළින් පන්නා ඩුබායි වෙත රැගෙන ගිය බවක් සහ දියමන්තිය මේවනවිට මදුෂ්ගේ වත්මන් බිරිය භාරයේ තිබෙන බවකි. ඒ හෝඩුවාවන් ඔස්සේ ඩුබායි යාමට ප්‍රථම අමල් හා රයන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන හෝ ලබාගන්නට උත්සාහ කර තිබුණි. නමුත් ඒ කතා සියල්ල බොරු කරමින් දියමන්තිය පානදුරෙන් හමුවීමත් සමග අමල් හා රයන් පිළිබඳ සැකය අතුරුදන්ව ඇත.

කිරිබත්ගොඩ බස් නැවැතුම්පොළේ රැදී සිටියදී පෙරේදා (04දා) රාත්‍රියේ මෙම කැලුමා නමැති සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය.
 දියමන්තියට අමතරව  ඔහු කොල්ලකන ලද විශාල භාන්ඩ ප්‍රමාණයක්ද පොලිසියට සොයාගත හැකිව තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඩෙනිම් කලිසම් සාක්කුවේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් තිබී ඇති අතර එය සෙලෝපේන් කොළයක ඔතා රෝස පැහැති සිලි කවරයක දමා තිබී ඇත.සැකකරුගේ ගෙලෙහි රුපියල් ලක්‍ෂ 37ක් වටිනා සුරයක් පැලැඳ සිටි බවත් එය වෙඩි නොවදින සුරයක් බව සැකකරු පොලිසියට පවසා තිබේ.

මෙම පොලිස් මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර මෙම සැකකරු සොරාගත් දියමන්තිය දිගින් අඟල් 03ක් ද පළල අඟල් 2 1/2ක්ද වන මෙතෙක් නිශ්චිත වටිනාකම ගණන් බලා නොමැති වටිනා දියමන්තියකි. මෙහි බර ග්‍රෑම් 142ක් වන අතර එය සුදු පැහැයට හුරුය. ඔහු සතුව තිබූ රන් ආභරණ අතර ග්‍රෑම් 120 බර රන් මාලයක්, ග්‍රෑම් 17ක් බර සුරයක්, ග්‍රෑම් 127ක් බර වළල්ලක්, ග්‍රෑම් 200 බර මොන්ඩියල් වර්ගයේ රන් අත්පලඳනාවක්, කාන්තා මුදු 03ක්, පිරිමි මුදු 05ක් තිබී ඇත. මෙම සම්පූර්ණ රන් භාණ්ඩවල බර ග්‍රෑම් 587ක් බවට ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් කෝටි 1 1/2 මුදල් 5000හේ නෝට්ටු ලෙස අසුරා වත්තේ තුන් තැනක වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

නිවෙසේ තිබී ජංගම දුරකථන 126ක්ද චාජර් තොගයක්ද පොලිසියට හමුවී ඇත.

 සැකකරුගෙන් ලද ප්‍රකාශවලට අනුව ඔහුගේ මව පදිංචිව සිටින පිටිගල, බොරලුහේනේ ඉහළ හෙවෙස්ස පාරේ නිවෙසේ පිටුපස වළදමා තිබියදී රුපියල් කෝටි එකහමාරක මුදල් ද මොරටුව රාවතාවත්තේ පී.බී. අල්විස් පෙරේරා මාවතේ කුලියට ගත් නිවෙසක කාමරයක තිබී මාංචු කුට්ටම් තුනක්, පතරොම් තොගයක්, අත්බෝම්බයක්, හමුදා නිල ඇඳුම් කට්ටලයක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය සොයාගෙන ඇත.
කොල්ලකරුව්න කැලුමාට මෙම දියමන්තිය ලබා දී ඇත්තේ මෙම කොල්ලය සිදු වූ ඉකුත් නොවැම්බර් 05 වැනි දින පිළියන්දල ප්‍රදේශයේ ඇවිදින මංතීරුව අසලදීය. කොල්ලය සිදු කළ කල්ලිය විසින් දියමන්තිය සහ කොල්ලයට භාවිත කළ ගිනි අවිද මෙලෙස ඉන්දික වෙත දී තිබේ.
ඉන්දික නමැත්තා ප්‍රදේශයේ ජීවත්වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙක් විලසිනි.
අවි ආයුධ පෙන්වා සිදුකළ කොල්ලකෑම් ගණනාවකට ඉන්දික හට 2005 වසරේදී වසර 10ක සිරදඬුවම් නියමවී ඇත. 2015 වසරේ ඔහු ඉන් නිදහස්ව පැමිණ ඔවුන්ගේ අපරාධ මෙහෙයවමින් සිට ඇත.
මේ වන විටත් ඔහුට විරුද්ධව හලාවත, කළුතර, කොළඹ, ගම්පහ ඇතුළු මහාධිකරණ කීපයක නඩු විභාග වන බවද පොලිසිය පවසයි.

කළුතර ප්‍රදේශයේදී සිදුවූ බන්ධනාගාර බස් රියට ප්‍රහාරයක් දියත් කිරීම, පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට වෙඩි තැබීම යන අපරාධයන්ටද මොහු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.
මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතුවලට සහාය දෙමින් ගුවනින් මල් ඉසීමට පවා කටයුතු සම්පාදනය කර ඇත්තේ ඉන්දික විසින් බවට අනාවරණය වී ඇත.













Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 700 දියමන්තිය හමුවෙයි වටිනාකම 500 ට අඩුවෙයි රට පැන්නුවැයි කී අමල් රයන් ගේ නම් ගිළිහෙයි
කෝටි 700 දියමන්තිය හමුවෙයි වටිනාකම 500 ට අඩුවෙයි රට පැන්නුවැයි කී අමල් රයන් ගේ නම් ගිළිහෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkP1Y2xCzDGEcLGI52u_a1x1fRHzMyGBFlMVvrK9l-MUUsgnnolWD0gsMeMlEJ9Ou2_pnB_KVx8PTInsavSTYmKUfiAWSYli1oevnTAAEFAcim52mMrtfPoyFu_tYo1aQbwfRRrBfHLSo/s1600/collage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkP1Y2xCzDGEcLGI52u_a1x1fRHzMyGBFlMVvrK9l-MUUsgnnolWD0gsMeMlEJ9Ou2_pnB_KVx8PTInsavSTYmKUfiAWSYli1oevnTAAEFAcim52mMrtfPoyFu_tYo1aQbwfRRrBfHLSo/s72-c/collage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/700-500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/700-500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy