දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු
Homeගොසිප්

අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු

PropellerAds

අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු මීට වසර 25 කට පමණ පෙර ප්‍රේමදාස යුගයේදී ල...

කාලගුණ අනාවැකිය - ජනවාරි 15 අඟහරුවාදා
මෙගන් මාර්කල් - රාජකීය දරු උපත අප්‍රේල් අග
අලුත් ව්‍යවස්ථාවක් තබා කෙටුම්පතක්වත් නෑ-පන්සල් බඩගගා සිල් පද කඩාගන්න එපා -රනිල්

අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර්
උද්ඝෝෂකයා නැවත හමුවේ

දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු


මීට වසර 25 කට පමණ පෙර ප්‍රේමදාස යුගයේදී ලංකාවේ වෘත්තීය සමිති උද්ඝෝෂණ විරල විය.එයට ප්‍රධාන හේතුවක් වූයේ බියවැද්දීම් හා තර්ජනයි. කිසියම් සමිති නායකයෙකු විරෝධතා සටනක් සංවිධානය කරන්නට උත්සාහ කර තිබුනේ නම් ඔහු පසුදා වනවිට අතුරුදන් විය.
මෙම තත්වයට සමාන දෙයක් ඊයේ පෙරේදා ලංකාවේ නැවත සිදුවී තිබෙන බවක් වාර්තාවේ. තුන් දවසක් තිස්සේ ආගිය අතක් නොමැති සිටි
සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපති එම්. සුජිව මංගල නැමැත්තා ඊයේ (01) ඉංගිරිය නගරයේදී හමුව තිබුණි.
නිවසට එන බව දන්වා ඉරිදා අළුයම් කාලයේදී කොළඹ සිට පිටත් වූ සුජීව  පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබි ඇත.
සිය යතුරු පැදියෙන් කොළඹ සිට පිටත් වූ ඔහු පැයකින් පමණ පන්නිපිටිය, පැලැන්වත්තේ නිවසට ළඟා වනු ඇතැයි දුරකථන ඇමතුමක් මගින් දන්වා සිටි නමුත් ඉන්පසු සුජීව මංගලගේ අතුරුදහන්වීම සිතා ගන්නට බැරි බව ඇය දන්වා තිබුණි.
අත් පා, දෑස් බැඳ පැය තුනක පමණ කාලයක් වෑන් රථයෙන් රැගෙන ගිය බවත් අනතුරුව ඔහුව පාළු කාමරයක සිරකොට තැබූ බවත් හමුවීමෙන් පසු සුජීව මංගල මහරගම පොලිසියට පවසා ඇත.
තමාට ටෙලිකොම් මෑන් පවර් සමාගමේ උප සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසටත් එම වැඩ වර්ජනය අවසන් කරන ලෙසටත් බලපෑම් කර අනතුරුව ඊයේ (01දා) අලුයම වෑන් රථයකින් අත් පා, දෑස් බැඳ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක් අසලට රැගෙනවිත් වෑන් රථයෙන් බිමට ඇද දැමූ බවද පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සුජීව මංගල මහතා පවසා තිබේ.

 පිළියන්දල පොලිස් වසමේ මඟ දමා ගොස් තිබූ මොහුගේ යතුරුපැදියද පොලිසිය විසින් පසුව සොයා ගෙන තිබිණි.
රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරතව සිටින ටෙලිකොම් මිනිස් බල කම්කරුවෝ දෙසැම්බර් 26 වැනිදා සිට මාසයකටත් වඩා අඛණ්ඩ ස්‍යග්‍රහය විරෝධතාවක නිරතව සිටින අතර මෙය සිදුව තිබුණි.
සුජීව මංගල අතුරුදන් වීම කවුරුන් කළාද යන්න විමර්ශන කටයුතු මහරගම පොලිසියට භාර දී තිබේ.
මොහුව පැහැර ගත් බව කියන මහරගම පැලන්වත්ත ප්‍රදේශයේද ඉංගිරිය ප්‍රදේශයේද සී.සී.ටී.වී. කැමරා දත්ත පරීක්ෂාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
මහරගම පොලිසිය විසින් පැයකට අධික කාලයක් සුජීව මංගල මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඊයේ පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.
මෑන්පවර් සේවක රැකියා ස්ථීර කරන ලෙස සති හයකට ආසන්න කාලයක් ගෙනගිය අරගලයේ නායකත්වය දැරූ තම සටන් සගයාගේ අතුරුදහන්කරවීම තම අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමක් ලෙස සංගමයේ ලේකම් එස්. ඩී පෙර්රා කියා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු
අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු
http://ift.tt/2jXM60a
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy