දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිලෝ 167ක හෙරොයින් තොගයක් සමඟ මධුෂ්ගේ තිප්පොළක් වටලයි
Homeප්‍රවෘත්ති

කිලෝ 167ක හෙරොයින් තොගයක් සමඟ මධුෂ්ගේ තිප්පොළක් වටලයි

PropellerAds

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට අයත් මෙරට හෙරොයින් ගබඩාව වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී රුපියල් ...

පෙරටුගාමීන්ට සිදුකළ පහරදීම නාමල් හෙළා දකී - විමර්ශනයකුත් ඉල්ලයි
සජිත්ගේ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ඉල්ලා අස්වෙයි.. සජිත්ට කුණු බැණුම් බැන පොහොට්ටුවට එක්වෙයි
ආණ්ඩුව වර්ගවාදියි.. පෙරටුගාමීන්ට පහර දීමෙන් එය තහවුරු කලා - මංගල
කිලෝ 167ක හෙරොයින් තොගයක් සමඟ මධුෂ්ගේ තිප්පොළක් වටලයි

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට අයත් මෙරට හෙරොයින් ගබඩාව වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී රුපියල් කෝටි 170 කට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ අවි ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම හෙරොයින් ගබඩාව මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙහි තිබී සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 161 ක් බවද විශේෂ කාර්ය බළකාය කියා සිටියේය. මෙම හෙරොයින් ගබඩාවේ සිටි මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධාන ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ මෙහෙයුමකින් පසු මෙම හෙරොයින් ගබඩාව වැටලීමට හැකි වී ඇත.

මධුෂ්ගේ හෙරොයින් ගබඩාවේ තිබී ජීව උණ්ඩ පෙට්ටි 4 ක්, ටී56 ගිනි අවි උණ්ඩ 2500 ක්, විදේශ රටක නිෂ්පාදිත මයිකෝ පිස්තෝලයක් ඊට අදාළ උණ්ඩ තොගයක් හමු වී තිබේ.

මෙම හෙරොයින් ගබඩාවේ පාලකයකු ලෙස කලක් කැලූම් ඉන්දික නමැති මධුෂ්ගේ සමීපතම සගයා කටයුතු කරමින් සිට ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. 

කැලූම් ඉන්දික නමැත්තා රුපියල් කෝටි 500 දියමන්තිය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු බන්ධනාගාරගත කර සිටියි. 

කැලූම් ඉන්දික නමැත්තා මොරටුව ප‍්‍රදේශයේ සුවිසල් නිවසක් ද ඉදිකරන අතර මොහු මෙම හෙරොයින් ගබඩාව ද පාලනය කරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන මාකඳුරේ මධුෂ්ට අයත් හෙරොයින් තොග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවලට බෙදාහැරීම සඳහා මොරටුවේ මෙම ගබඩාවේ සඟවා තබන බව ද අනාවරණය වී ඇත.

මෙම හෙරොයින් ගබඩාව හරහා හෙරොයින් තොග ටොන් ගණනින් බෙදාහැර ඇති බවට තොරතුරු විශේෂ කාර්ය බළකාය වෙත ලැබී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිලෝ 167ක හෙරොයින් තොගයක් සමඟ මධුෂ්ගේ තිප්පොළක් වටලයි
කිලෝ 167ක හෙරොයින් තොගයක් සමඟ මධුෂ්ගේ තිප්පොළක් වටලයි
http://am.lk/media/k2/items/cache/ef6d590e8b54f04d0eb83e55c9aeafac_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/167.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/167.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy