දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව වර්ගවාදියි.. පෙරටුගාමීන්ට පහර දීමෙන් එය තහවුරු කලා - මංගල
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව වර්ගවාදියි.. පෙරටුගාමීන්ට පහර දීමෙන් එය තහවුරු කලා - මංගල

PropellerAds

හි ටපු ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර ප...

කොරෝනා මෘත දේහ දිගටම ආදාහනයට - කමිටුව දැනුම් දෙයි
විමල් වීරවංශ ඔහුට ජන්දය දුන් ජනතාවට සරම උස්සා පෙන්නුවා..කොළඹ ජනතාව හිඟන්නන් නෙමෙයි - (video)
උද්දික ප්‍රේමරත්න ‘ප්‍රවෘත්තිවල ප්‍රමිතිය හදන්න’ කතා කරයි
හිටපු ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර පිළිකුලෙන් හෙළා දකිමු!

පෙරේදා (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මිනිස් වර්ගවාදයට එරෙහිව සිදුකරන ලද උද්ඝෝෂණයට
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය නිල ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද අමානුෂික පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

මේ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපද පොලිසිය විසින්  ඉතා අමානුෂික වද දීම හරහා පසුගියදා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම හේතුකොට ගෙන ලොව පුරා වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ සාමාකාමී උද්ඝෝෂණ සිදුවෙමින් පවති. එසේම වර්ගවාදය පෝෂණය කරන හෝ මිනිස් වර්ගයාගේ සහජීවනය අගය නොකරන මිනිස් ප්‍රතිරූප එවැනි ප්‍රජාතාන්ත්‍රීක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට කටයුතු කරමින් ද සිටියි.

ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමකි. එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමකි. එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිලක්ෂණයක් බව පැහැදිලිය.

පසුගිය කාලය පුරා මේ රටේ නීතිය නැමීමක් පිළිබඳ මතවාදයක් සිය ප්‍රචාරණ ව්‍යපෘතියක් ලෙස භාවිත කළ රාජපක්ෂවරු බලයට පැමිණි පසු මේ රටේ නීතිය විහිළුවක් බවට පත්කර ඇත. රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් නීතිය යොදාගනිමින් සිටී. එය කොවිඩ් 19 වෛරසයට මුවා වෙමින් නීතිය භාවිත කළ ආකාරය විමසා බැලීමෙන් පමණක් වුව පැහැදිලි කරගත හැක.

එක් වරෙක පවුලේ කිසිවකුට සිය ඥාතියාගේ ‘මරණය‘ බලන්නවත් අවසර නොදුන් ආණ්ඩුව තවත් විටෙක උත්වශ්‍රීයෙන් රට පුරා ප්‍රදර්ශනය කරමින් ‘මරණය‘ නිර්ලජ්ජිත ලෙස මනාපකරණය කළ අයුරුද කියා පාන්නේ අද නීතිය ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බවය. එය මේ රටේ සියලු පුරවැසියන් ඉතා හොඳන් දනී.

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැත. වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද  පුරවැසි අයිතියක් බව මේ ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතු නැත.

අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බවත් අවධාරණය කරමු.

– මංගල සමරවීර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව වර්ගවාදියි.. පෙරටුගාමීන්ට පහර දීමෙන් එය තහවුරු කලා - මංගල
ආණ්ඩුව වර්ගවාදියි.. පෙරටුගාමීන්ට පහර දීමෙන් එය තහවුරු කලා - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhonvhYlqeu5mIb-rZQjUpzmo5Y1gOz98cLLjGa0tsRmnH7WSjlle8IZKZr9GOPx4yNqbMG6DetwSHM9uB6pYwP_JSzXvyS294ASsb5UL-kDMeNFknNIQv3h1BdmocLG-L3DwwX4Q2Hb6o/s320/mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhonvhYlqeu5mIb-rZQjUpzmo5Y1gOz98cLLjGa0tsRmnH7WSjlle8IZKZr9GOPx4yNqbMG6DetwSHM9uB6pYwP_JSzXvyS294ASsb5UL-kDMeNFknNIQv3h1BdmocLG-L3DwwX4Q2Hb6o/s72-c/mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_216.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_216.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy