දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකටද?
Homeප්‍රවෘත්ති

මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකටද?

PropellerAds

ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන ර්-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප...

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග ලංකාවට ගෙන ඒමේ ගැටලුවක්
හෙට බැඳුම්කර විවාදය නැවැත්වීමේ කුමන්ත්‍රණයක්
"මේ ආණ්ඩුවෙත් ගිය ආණ්ඩුවෙත් හොරුන්ට සමාවක් නෑ" - ජනපති
මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකටද?

ලෝකයේ විශේෂ යුද මෙහෙයුම් සඳහා පමණක් යොදා ගැනෙන ර්-39 වර්ගයේ අති නවීන මැෂින් තුවක්කු කිහිපයක් මෙරටට එවීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කර තිබුණේ ප්‍රභූ ඝාතන ඉලක්ක සපුරා ගැනීමටදැයි යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

දුර සිට ඉතා සියුම් ඉලක්ක ගත හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම අති නවීන ගිනි අවිය මාකඳුරේ මධුෂ් විසින් මෙරටට එවීමට නියමිතව තිබූ බව හෙළිවීමෙන් පසු මේ වන විට අත්අඩංගුවේ පසුවන මධුෂ්ගේ සමීපතම ගෝලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට මාකඳුරේ මධුෂ්ගේ සෘජු සම්බන්ධයක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් කරන ලද අනාවරණයක් අනුව එම කරුණ හා මෙම අති නවීන ගිනි අවිය නුදුරේදීම මෙරටට එවීමට සැලසුම් කරමින් තිබීම අතර සබඳතාවක් වූයේදැයි යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග පවසයි.

දැනට මෙරට ආරක්ෂක අංශ භාවිත කරන ර් - 16 වර්ගයේ මැෂින් තුවක්කුවට වඩා වැඩිදියුණු කර අසීරු ඉලක්ක ගැනීම වඩාත් පහසු කරන අන්දමින් මෙම ර් - 39 වර්ගයේ ගිනි අවිය නවීන තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කර තිබීමත් නුදුරේදීම ඒවා මෙරටට එවීමට මධුෂ් කටයුතු කරමින් සිටීමත් පිළිබඳ බරපතළ සැකයක් ඉස්මතු වෙමින් පවතින බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

ර් - 39 අති නවීන ගිනි අවි රහසේම මෙරටට ගෙන ඒමට සූදානම් වන්නේ කුමන්ත්‍රණකාරී ලෙස දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනයකටද? එසේත් නැතිනම්, එල්ලුම් ගහට නියමව සිටි කුඩු ජාවාරම්කරුවන් එයින් බේරාගෙන එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමටද යන සැකයක්ද මතුව තිබේ.

විශේෂයෙන් මාස දෙකක පමණ කාලයක් තුළ කඩිනම් කෙරුණු කුඩු ජාවාරම්කරුවන් සමඟ කුඩු ඇල්ලීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට අවශ්‍ය ඝාතන සිදු කිරීමට මේ ගිනි අවිය යොදාගන්නට සූදානම් වනවාද යන්නත් සැකයට භාජන වී තිබේ.

අත්අඩංගුවේ පසුවන මධුෂ්ගේ සමීපතමයන්ගෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ර්-39 ගිනි අවි කීපයක් ට්‍රෝලර් මඟින් ප්‍රවාහනය කර මිරිස්ස මුහුදු ප්‍රදේශයෙන් රට තුළට ගෙන ඒමේ සැලැස්මක්ද තිබී ඇත.

(මව්බිම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකටද?
මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකටද?
http://am.lk/media/k2/items/cache/08cff5214779671b6505bdb89087ae46_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/m39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/m39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy