දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ විදෙස් යුවළ සමග සේවය කළ අනෙක් රියදුරාත් ඝාතනය කරලා
Homeගොසිප්

ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ විදෙස් යුවළ සමග සේවය කළ අනෙක් රියදුරාත් ඝාතනය කරලා

PropellerAds

මී ට ටික දිනකට පෙර ගෝල්ෆේස් කෝට් කට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අබිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගැනුණ ශ්‍රී ලාංකක රියදුරාට අමතරව ඒම නිව...

පළාත් 07 ක මැතිවරණ පළමුව.
අලුත් අධිකරණයට පළමු නඩුව එයි.
ඔටිසම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වූ, නාමල්ගේ චායා පදනමේ තේමා ගීතය අන්තර්ජාලයට [Video]
මීට ටික දිනකට පෙර ගෝල්ෆේස් කෝට් කට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අබිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගැනුණ ශ්‍රී ලාංකක රියදුරාට අමතරව ඒම නිවසේ සේවය කළ අනෙක් රියදුරාද ඝාතනය වී පෑලියගොඩදී හමුවී ඇතැයි වාර්තාවේ. අතුරුදන් වූ බවට නිවැසියන් පැමිනිලි කරතිබූ මෙම ශ්‍රී ලාංකිකයා අශෝක සිරිවර්ධන නමැත්තෙකි.
පෑලියගොඩ ප්‍රදේශයේදී බල්ලෙකු මිනිස් හිස් කබලක් රැගෙන යන බවට
පොලිසියට ලද තොරතුරකට අනුව එම හිස් කබල සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය පරික්ෂණයක් සිදුකර ඇති බවත්, එහිදී අශෝක සිරිවර්ධන යන අයගේ පුත්‍රයාගේ ඩී එන් ඒ සාඕපල සමග හිස් කබලේ ඩි එන් ඒ සාම්පල සැසදීමක් සිදුකළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ හිස් කබල අතුරුදන් වූ බව කියන අශෝක සිරිවර්ධනගේ බවට හඳුනාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය  අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 ඉකුත් දෙසැම්බර් 05 වැනිදා එම විදේශීය යුවළ යටතේ සේවය කරමින් සිටී ශ්‍රී ලාංකික රියැදුරකු වූ මොරටුවේ පදිංචි අශෝක සිරිවර්ධන  මහතා අතුරුදන්ව ඇතැයි කිරුළපන පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.


මෙම කරුණු අනාවරණය වූයේ මීට ටික දිනකට පෙර ගෝල්ෆේස් කෝට් කට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අබිරහස් ලෙස ඝානනය කර තිබියදී සොයාගැනුණ ශ්‍රී ලාංකික රියැදුරකු වූ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (49) යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙහෙයවීම ඊයේ (06) අධිකරණය හමුවේ සිදුවූ අවස්ථාවේදීය.

 මෙම මරණයට පත් ශ්‍රී ලාංකික රියැදුරන් දෙදෙනාම සේවය කර තිබුණේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජකයකු එංගලන්ත ජාතිකයා සහ ඔහුගේ හැට හැවිරිදි තායිලන්ත ජාතික බිරිඳ යටතේ බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.


 මෙම මරණයට අදාළ මරණ පරික්‍ෂණය සඳහා විදේශීය යුවළ මෙන්ම එම තට්ටු නිවාසයේ සෝපාන ක්‍රියාකරුවෙක් සහ කම්කරුවෙක් ද. ඊයේ (06) අධිකරණය හමුවේදී සාක්ෂි ලබා දෙනු ලැබුහ. එමෙන්ම තවත් එක් සෝපාන ක්‍රියාකරුවකු ඊයේ (06) අධිකරණය හමුවේ සාක්ෂි ලක්ඛාදීම සඳහා පැමිණ නොසිටි බැවින් ඊළඟ දිනයේදී එම සාක්ෂිකරු කැඳවන ලෙසට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.

 මෙම සිද්ධියේ පැමිණිලිකරුවන් වූ විදේශීය යුවළ සිය ව්‍යාපාර කටයුතු සඳහා විදෙස් ගතවීමට ඊයේ (06) අධිකරණයෙන් අවසර ඉලු අතර. දැඩි කොන්දේසි සහිතව ලබන 8 වැනිදා සිට මාර්තු 01
වැනිදා දක්වා විදේශ ගත වීමට අධිකරණය අවසර ලබා දෙනු ලැබීය.

මෙම යුවළ සතු මෙරට බැංකු ගිණුමක ඇති මුදල් රුපියල් මිලියන 6.5ක මුදල ඔවුන් මෙරටට පැමිණෙන තෙක් අහිටුවීමත්, ඔවුන් විදේශයේදී රැදී සිටින හෝටලයේ ලිපින සහ ඔවුන්ගේ දුරකතන ද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසත් අධිකරණය කොන්දේසි පැනවීය.  එමෙන්ම මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවට
කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන හොත් වහාම ලංකාවට පැමිණෙන ලෙසටද මෙහිදී  අධිකරණය දැනුම් දුන්නේය.

මෙම විදේශීය යුවළගේ රියැදුරු ලෙස සේවය කළ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (40) නමැත්තා අබිරහස් ලෙස මියගොස් සිටියදී කොල්ලුපිටිය පොලිසිය සොයා ගනු ලැබුවේ ඉකුත් 19 වැනිදාය. මෙම රියැදුරා එම නිවසේ යාබද කාමරයක පුටුවක ගැටගසා මුහුණට කොටයක් හිරකර එයට ගිනි තබා ඝාතනය කර තිබියදී පොලිසිය සොයා ගනු ලැබ තිබුණේ විදේශීය යුවළ කරන ලද පැමිණිල්ලකට අනුවය.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්ෂි විභාගය ලබන 25 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.

(නිමන්ති රණසිංහ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29312,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ විදෙස් යුවළ සමග සේවය කළ අනෙක් රියදුරාත් ඝාතනය කරලා
ගෝල්ෆේස් කෝට් තට්ටු නිවාසයේ විදෙස් යුවළ සමග සේවය කළ අනෙක් රියදුරාත් ඝාතනය කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhtI5sXJnqT6JMupmk4rwTevkhiFMmZV_yl-hiwdyAdSmHaX_Lv7fnshYy2nlFdwLADV9jLo_2_n9mesr2DF07jfAE3wrsPFrGlhLJMdWlb-75SpSeb7twEXbn9HIW8GeTTc00urI6eW0/s1600/chrome_2019-02-07_10-47-25.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhtI5sXJnqT6JMupmk4rwTevkhiFMmZV_yl-hiwdyAdSmHaX_Lv7fnshYy2nlFdwLADV9jLo_2_n9mesr2DF07jfAE3wrsPFrGlhLJMdWlb-75SpSeb7twEXbn9HIW8GeTTc00urI6eW0/s72-c/chrome_2019-02-07_10-47-25.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_920.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_920.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy