දූෂණ වංචා පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීමට පත් කළ විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව සඳහා බස්නාහිර පළාත් විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ ...
දූෂණ වංචා පිළිබඳ නඩු කඩිනමින් විභාග කිරීමට පත් කළ විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව සඳහා බස්නාහිර පළාත් විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (26) නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළේය.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් කැන්විල් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමට එවූ මුදලින් රුපියල් මිලියන පන්සීයක මුදලක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමට ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කළ බව දිනමිණ කළ විමසීමක දී නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා තහවුරු කළේය. ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුවින්න, ලසන්ත බණ්ඩාර යන අයවළුන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය, පොදු දේපළ පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේයි.
නීතිපතිවරයා නීතිමය අධ්‍යයන සිදුකර පරීක්ෂා කළ වාර්තා අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා වෙතට ඉදිරිපත් කළ අතර අගවිනිසුරුවරයා නීතිපතිවරයා වෙතට ලබා දුන් නියමයට අනුව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබීය. මෙම නඩුව සම්බන්ධයෙන් ලේඛන අනූදෙකක් සමඟ සාක්ෂිකාරයන් හැටතුන්දෙනෙකු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස (FCID) මෙයට අදාළ විමර්ශන කටයුතු සිදුකර තිබේ.
COMMENTS