එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජප...
එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉන්දියානු මාධ්‍යවේදීන් පිරිසක් සමග ඊයේ (14) නෙලුම්මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.
පුද්ගලයෙක් දිනවිමට හෝ පරාජය කිරිමට ක්‍රියාකිරීම මගින් ශ්‍රී ලාංකික ජනතාව තරම් වෙනත් කිසිදු ජනතාවක් පාඩම් ඉගෙන ගෙන නැතැයිද සදහන් කළ ඒ මහතා ජනතාවාදී ප්‍රතිපත්ති සහිත පක්ෂයක් ගොඩනැගීමට වසර දෙකකට ආසන්න කාලයක් තමන් ගත කළද ජනාධිපති අපේක්ෂකයා සොයා ගැනීමට එතරම් කාලයක් ගත නොවන බවද සදහන් කලේය.
පසුගිය ජනාධිපතිවරණයේදී හංස පෙරමුණ නිර්මාණය වූයේ මහින්ද කදවුර විනාශ කිරීමට මිසක් රට දියුණු කිරීමේ අරමුණකින් නොවේ යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
එයින් රටට සිදුවූ අයහපත මේ වන විට ජනතාව අවබෝධ කරගෙන ඇති හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ රට ගොඩ නැගීම සදහා ජනතා වාදී සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහාම බවද අවධාරණය කලේය.
ජනතාවාදී පක්ෂයක ප්‍රතිපත්ති තීරණය කළ යුත්තේද ජනතාව යැයි පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මාස කිහිපය තුළ ගම් 36000ක් ඉලක්ක කරගත් වැඩසටහනක් හරහා ජනතාවට ඇහුම්කන් දීමටත් ඒ ආශ්‍රයෙන් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙල සැකසීමටත් පියවර ගන්නා බවද වැඩිදුරටත් සදහන් කලේය.
COMMENTS