ඩුබායිහීදී අත්අඩංගුවට ගත් නම ගිය ප්‍රබල පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ්ගේ සහයකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමත්ව ...
ඩුබායිහීදී අත්අඩංගුවට ගත් නම ගිය ප්‍රබල පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ්ගේ සහයකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමත්ව තිබේ.
ඒ, වත්තල ප්‍රදේශයේ දී පෙබරවාරි 07 බ්‍රහස්පතින්දා උදෑසන කළ මෙහෙයුමකදීය.
ඔවුන් සන්තකයේ තිබී අයිස් නැමැති මත්පෙති 20 ක් ද සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26, 29 සහ 32 හැවිරිදි වියේ පසුවන්නන් බව සදහන්.
සැකකරුවන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයට භාරදීමට නියමිත බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS