ජා ත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ හා ප‍්‍රබල පාතාල සාමාජිකයෙකු ව න මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ හා ප‍්‍රබල පාතාල සාමාජිකයෙකු ව න මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතුවලට දැඩි ලෙස බාධා වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
මධුෂ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජාලිය සමරසිංහ පසුගිය දිනෙක මධුෂ් හමුවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතාගෙන් අවසර ඉල්ලා ඇති අතර ශානි අබේසේකර අධ්‍යක්ෂවරයා ඉල්ලීමට ඉඩ දී ඇත.
ඒ අනුව ඔහු මධුෂ් බැලීමට රහස් පොලිසියට පැමිණ තිබේ. ඔහු හමුවීමට අවස්ථාව ලබාදී ඇත්තේ රහස් පොලිසියේ පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව මධ්‍යයේ බවද වාර්තා වේ.
විනාඩි විස්සක පමණ කාලයක් මධුෂ් සමඟ සාකච්ඡා කර ඇති නීතිඥ ජාලිය සමරසිංහ මහතා නීතියට පටහැනි පරිදි මධූෂ්ට උපදෙස් ලබාදෙමින් ඔහු විසින් දන්නා කිසිදු ආයුධයක් පිළිබඳ රහස් පොලිසියට තොරතුරු ලබානොදෙන ලෙසත් මීට පෙර කාලයේ මධුෂ් විසින් පාවිච්චි කරන ලද කිසිදු දුරකතනයක තොරතුරු ලබානොදෙන ලෙස සහ රහස් පොලිසියට වෙනත් කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදී ආරක්ෂිතව කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබේ.
එම උපදෙස් සියල්ල අසා සිටි ඉහත සඳහන් ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා ඒ ගැන රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.
ජාලිය සමරසිංහ නීතිඥවරයා පොලිස් පරීක්ෂක රංගජීව ඝාතන සැලසුම් සිද්ධිය සහ ප්‍රහාරය සම්බන්ධයෙන් මධුෂ් වෙනුවෙන් පෙනී සිටියි.

COMMENTS