දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

PropellerAds

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ප්‍රමුඛස්...

පොලිස් නිශ්කාශන වාර්තා ගාස්තු වැඩිවේ
අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් 5කට තුවාල
FCID ය සොයන ගාමිණි සෙනරත්ට ඇමැතියකුගේ රැකවරණ?
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ප්‍රමුඛස්ථානයකට පත්කිරීම මූලික අරමුණ කරගනිමින්, ඇමරිකානු තානාපති Alaina Teplitz මහත්මිය , විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා මෙම හමුව පැවති අතර දෙරටට විශේෂිත කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

දිනෙන් දින වර්ධනය වන ජනගහනයත්, තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් ලෝකයේ බලශක්ති ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බවත්, අප සතුව පවතින්නාවූ සීමිත සම්පත් හමුවේ ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවීමට නියමිත බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් ඇතිවීම අනිවාර්යය බවත්, එම ගැටලු සහගත තත්ත්වයෙන් මිදීමටනම් අප දැන්තියාම ස්ථිරසාර විසදුමක් සෙවීමට පෙළඹිය යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.

මේ සදහා ශ්‍රී ලංකාව මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, සූර්ය, සුළං ආදි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් මේ වනවිට ශ්‍රී ලංකාව සැලකියයුතු මට්ටමකට පැමිණ ඇති බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ඇමරිකානු තානාපතිනිය අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බවයි. ලංකාව වැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය.

එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදනය කෙරෙහි තම විශේෂ අවධානයක් යොමුවූ බවත්, එම ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පිළිබඳව තම රටේ ව්‍යාපාරික ප්‍රජාව යොමුකිරීමේ හැකියාව ඇති බවත්ය.

එමෙන්ම ශ්‍රී ලංකාව වැනි ස්වභාව සෞන්දර්යය, සශ්‍රීකත්වය අතින් සුවිශේෂී ස්ථානයක පවතින රටක්, විදේශීකයන්ගේ විශේෂ අවධානයට යොමුවන අතර ඒ තුළින් ව්‍යාපාරික අවස්ථා බොහෝමයක් දියත්කළ හැකි බව පැවසූ තානාපතිවරිය, ශ්‍රී ලංකාවේ සංස්කෘතිමය පසුබිම සහ රටේ සෞන්දර්යයට හානි සිදුනොවන අයුරින් සිදුකළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව සොයාබලා, ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ආයෝජන අවස්ථා සලසාදීමට සිය කැමැත්ත පළ කළාය.

ඇමරිකානු තානාපතියගේ අදහස් පිළිබදව සිය කෘතඥතාවය පළකල අමාත්‍ය කරුණානායක මහතා, තම රටේ ව්‍යාපාරික සහ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයට ඇමරිකානු රජයේ සහාය අපේක්ෂා කරන බවත්,  ඒ තුළින් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කලක පටන් පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තවතවත් තහවුරු කරගැනීමට තමා අදහස් කරන බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හදුනාගනිමින් තම රට තුළ ආයෝජනය කිරිමට ඇමරිකානු රජය වෙත තමා විවෘත ආරාධනයක් කරන බවත් පැවසීය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
http://am.lk/media/k2/items/cache/5fb1039ac521715a30858c0b1102e8a5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy