හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) නිලධාරීන...
හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.
මේවනවිට ගාමිණි සෙනරත් මහතා ආණ්ඩුවේ ප්‍රබලයකුගේ රැකවරණය ලබමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ගාමිණී සේදර සෙනරත්, නීල් හපවින්න සහ පියදාස කුඩා බාලගේ යන තිදෙනාය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සි/ස ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතනවලට අයත් රුපියල් බිලියන 04ක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන් තිදෙනාට චෝදනා එල්ලවී ඇත.
පසුගිය කාලයේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රුපියල් කෝටි සිය ගණනක් වටිනා ග්‍රැන්ඩ් හයිට් හොටෙල් ව්‍යාපෘතිය නමින් විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීම හා සම්බන්ධයෙන් සිදු වී ඇති අති විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකෙරෙන විමර්ශන වලදී රහස් ගනුදෙනු රැසක් අනාවරණය වී ඇත.
FCID යට කට්ටි පනී :
එම පරීක්ෂණ අවසානයේදි මෙම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පෙරේදා 30 ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශව වෙත කැඳවා තිබුණත් ඔවුන් එදින නොපැමිණි අතර ඊයේ දින නීතීඥයකු මාර්ගයෙන් පැමිණෙන බව දැනුම් දී තිබුණි.
ඊයේ දිනද ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි නොසිටි අතර අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙසේ ඔවුන් සිටි ස්ථාන වෙත ගොස් තිබුණි.
මේ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාත් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් වෙත කරණු වාර්තා කර අධිකරණ අවසරයද ලබා ගෙන තිබුණි.
මේ වන විටත් මේ තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් කටයුතු කරගෙන යන අතර ඔවුන්ට මෙරටින් පළා යාමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය නිතිමය පියවරද ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.
(SLM)
COMMENTS