සම්පත් බැංකුව තුල සිදු වී ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය වංචාවන් සියල්ල සිදු වී ඇත්තේ බැංකු ගණුදෙණු වේලාවෙන් පසුව බවට අනාවරණය වුයේ යැයි අපරා...
සම්පත් බැංකුව තුල සිදු වී ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය වංචාවන් සියල්ල සිදු වී ඇත්තේ බැංකු ගණුදෙණු වේලාවෙන් පසුව බවට අනාවරණය වුයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.
සම්පත් බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් කාලයක පටන් ගිණුම් හිමියන්ගේ කෝටි ගණනක මුදලක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ලබාගෙන විශ්වාසය කඩකර සාවද්‍ය පරිහරණය කර ඇතැයි රහස් පොළිසිය සාක්ෂි සහිතව අධිකරණය වෙත දැනුම් දී තිබේ.
මෙරට සහ ජාත්‍යන්තර කීර්තියට පත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කැලුම් වීරසිංහ මහතා විසින් රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සම්පත් බැංකු වංචාවේ සුලමුල සොයා ගැනීමට රහස් පොලීසිය සමත් වී ඇත.
සම්පත් බැංකුවේ වංචාවට අදාළ B 19430 / 18 දරණ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙසේ පැවසිය.
මෙම වංචාව බැංකු පද්ධතියම හොල්ලපු වංචාවක්. මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනාම දෙන්නේ සම්පත් බැංකුව තුළයි. මෙම වංචාව බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ අනු දැනුම මත සිදු කර තිබෙනවා. රහස් පොලිසිය දැනට අල්ලා ගෙන් ඇත්තේ බැංකුවේ කළමනාකරුවෙකු පමණයි. ඉදිරියේදී තවත් පුද්ගලයින් රැසක් අල්ලා ගැනීමට ඉන්නවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට බැංකුවේ සේවය කරන පිරිසක් බැංකු ගනුදෙනු වේලාවෙන් අනතුරුව සිදු කර ඇති කෝටි ගණනක වංචාවට සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුයි."
COMMENTS